IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සමූපකාර බැංකුවේ කෝටි හතක රන් උස්සලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

වෙන්නප්පුව විවිධ සේවා සමුපකාර සමිතියට අයත් වයික්කාල අංගම්පිටිය ප්‍රදේශයේ පිහිටි ග්‍රාමීය බැංකුවට ඇතුළු වූ හොර කල්ලියක් එම බැංකුවේ ඇති සේප්පුව කපා ඒ තුළ තිබූ රුපියල් කෝටි 7කට ආසන්න රන් භාණ්ඩ තොගයක් සොරාගෙන පලා ගොස් ඇතැයි වෙන්නප්පුව මූලස්ථාන පොලීසිය පවසයි.

ග්‍රාමීය බැංකුවේ කළමනාකාරවරිය මෙම රන් භාණ්ඩ සොරා ගැනීම සම්බන්ධයෙන් පෙරේදා (30) වෙන්නප්පුව මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් කර ඇත.

ග්‍රාමීය බැංකුවේ ජනේලයේ ග්‍රිල් කපා ඒ තුළින් ඇතුළු වී සේප්පු කාමරේ ඇති සේප්පුව යන්ත්‍ර ආධාරයෙන් කපා ඒ තුළ තිබූ රන් භාණ්ඩ තොගයක් සොරාගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

බැංකුවේ සී.සී.ටී.වී .කැමරා සවි කර ඇති අතර ඒවායේ ඩී .වී.ආර් .යන්ත්‍රයද සොරුන් විසින් ගලවාගෙන ගොස් ඇතැයිපොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ නිසා ග්‍රාමීය බැංකුව අවට පිහිටි නිවාසවල සවිකර ඇති සී.සී.ටී.වී .කැමරා වල රූප රාමු පරීක්ෂාකර බලා සැකකරුවන් හඳුනාගැනිමට පොලිසිය උත්සාහ කරයි.

 



අදහස් (2)

සමූපකාර බැංකුවේ කෝටි හතක රන් උස්සලා

rajun de silva Monday, 02 October 2023 06:22 AM

බොහෝ වෙලාවට මේව ඇතුලෙන්ම වෙන වැඩ. හොරකමක් වගේ පේන්න.

:       2       3

Hafeel Monday, 02 October 2023 05:21 PM

මෙම බන්කු බන්කු හොරුන් සිංගප්පූරුවට මගුල් කන්න ගිහිල්ලා ඇති..

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site