
(සුජිත් හේවාජුලිගේ)
සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට ලබාදී ඇති ණය මුදලකින් රුපියල් කෝටි 12 කට ආසන්න මුදලක් මෙතෙක් අයකර නොගැනීම සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ(කෝපා ) අප්‍රසාදය පළවී ඇත.
සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට ලබාදී ඇති ණය මුදලේ වටිනාකම රුපියල් කෝටි 8 කට ආසන්නය.
මෙම ණය මුදලින් හිඟ ණය ශේෂය ලෙස රුපියල් කෝටි හයකට වැඩි මුදලක්ද එහි පොළී ශේෂය ලෙස රුපියල් පන් කෝටියකට වැඩි මුදලක්ද මෙසේ අය කර ගැනීමට නොහැකිවී ඇත
මේ සම්බන්ධයෙන් ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට ලිඛිතව දැනුම්දීම් නිරන්තරව කරන බව සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කෝපා කමිටුවට ප්‍රකාශ කර ඇත.
රාජ්‍ය ආයතන දෙකක් අතර නඩු කටයුතු ඇරඹීම ප්‍රශ්න සහගත බැවින් අමාත්‍යාංශ මට්ටමින් මෙම කරුණ විසදාගත නොහැකි නම් එය අමාත්‍ය මණ්ඩලයට යොමු කරන ලෙස කාරක සභාව සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවට නියෝග කළේය. මේ අතර ලියාපදිංචි සමුපකාර සමිති හා සංගම් 65ක මූල්‍ය ප්‍රකාශන විගණනය සඳහා ඉදිරිපත් කර නොතිබීම සම්බන්ධයෙන්ද කෝපා කමිටුවේ අවධානයට යොමුවිය.
මේ පිලිබඳ තොරතුරු සඳහන් වන්නේ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එහි අලුත්ම වාර්තාවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා අහලාම එපා වෙලා, රටක් ඉතුරුවෙයිද මේ වගේ මුදල් අවභාවිතා කරනකොට... මේවා පිටුදකින පිරිසිදු රාජ්‍ය පාලනයක් රටට අවශ්‍යයි..