IMG-LOGO

සමනලවැවේ වතුර පැය අටකට පසුව උඩවලවට

සමනලවැවෙන් උඩවලට ජලාශයට අද (8) අලුයම 3.00ට පමණ මුදාහළ ජලය පැය අටකට පමණ පසුව ජලාශයට ළඟා වූ බව උඩවලව වාරි ඉංජිනේරුවෝ පැවසූහ.

එසේ වුවද ජලාශයේ ජල මට්ටම වැඩි වීමක් ඊයේ පෙන්නුම් නොකළ බවත් ජලාශයට ලැබෙන ජල ප්‍රමාණය දිනකට ජල කියුබික් මීටර් මිලියන තුනයි දශම පහ බැගින් දින තුනක් උඩවලය ජලාශයට මුදා හැරීමට පියවර ගත්තේය.

උඩවලට ජලාශයේ ධාරිතාව අක්කර අඩි 2,17,500ක් වුවත් දැනට ජලය ඇත්තේ අක්කර අඩි 641ක් පමණක් (සියයට 0.33ක්) බව ඔවුහ කීහ.

සමනලවැවෙන් මුදාහැරි එම ජලය වලවේ ගඟ හරහා එයට පහතින් පිහිටි කුඹල්ගම, මුල්ගම, තන්ජැන්තැන්න, කල්තොට, වැලිපතයාය, දම්වැල ඕඩේ, පොකුණුතැන්න උඩවලව ජාතික වනෝද්‍යානයේ පිහිටි පිලිඇත්දාර පංසදාර, දුනුමඩලයාය ප්‍රදේශයෙන් උඩවලව ජලාශයට ළඟා වෙයි.

එම ජලය වලව කලාපයේ කුඹුරු හෙක්ටයාර් දොළොස් දහසකට අධික ප්‍රමාණයක් සඳහා බෙදා හැරීමට නියමිතව ඇති අතර ඒ සම්බන්ධ සාකච්ඡාවක් ඇඹිලිපිටිය මහවැලි අධිකාරි කාර්යාලයේ දී එහි නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමනාකරු තිලක් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වේ.

එම අවස්ථාවට මහවැලි නිලධාරී හා වලව ගොවි සමිති නායකයන් සහභාගි වී සිටි අතර එහිදී සියලු ගොවි බිම්වලට ජලය සමසේ බෙදා හැරීමට දෙපාර්ශවය එකඟතාව පළ කළේය.

එහිදී මහැවැලි බලධාරීන් ගොවි නියෝජිතයන්ගෙන් ඉල්ලීම් කළේ කිසිම ගැටුමක් ඇති නොවන ආකාරයෙන් ලැබෙන ජලය  අරිපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙසය.

උඩවලව ජලාශයට ඉහළින් පිහිටි කඳු මුදුන්වලට මාස ගණනාවක සිට නිසි වර්ෂාවක් නොලැබීමෙන් උඩවලව ජලාශය දැඩි ලෙස සිඳී ගොස් ඇති අතර ඇඹිලිපිටිය මහවැලි අධිකාරි බල ප්‍රදේශයට අයත් කුඹුරු අක්කර හැටපන් දහසක පමණ වී වගා බිම් ජලය නොමැතිව මැරී යාමේ අවදානමකට ලක්වී ඇත.

එම නිසා තම වී වගාවන්ට අවශ්‍ය  කරන ජලය සමනල වැවෙන් මුදා හරින ලෙස ගොවීන් හා ගොවි සංවිධාන දේශපාලන අධිකාරියෙන් ඉල්ලීම් කරමින් ඇඹිලිපිටිය නගරයේ විරෝධතා හා අඛණ්ඩ සත්‍යග්‍රහ පවත්වමින් සිටින අතරතුර තවත් ගොවි පිරිසක් සමනලවැව ජලාශ පිවිසුම් මාර්ගය හරහා ජලාශ වේල්ලට කඩා පැනීමේ උත්සහයකද නිරත වූහ. පොලිස් ආරක්ෂාව හේතුවෙන් එය පාලනය කිරීමට පියවර ගනු ලැබීය.

(රෝහණ සමරවීර,  ජයන්ත නානායක්කාර,  වයි.ඒ.එස්. වීරවංශ, සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)



අදහස් (0)

සමනලවැවේ වතුර පැය අටකට පසුව උඩවලවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 74 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 227 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 570 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site