
(රංජිත් රාජපක්ෂ)
නල්ලතන්නිය ලක්ෂපාන වාලමලෙයි වතුයායේ සමනල ස්භාවික රක්ෂිතයේ හටගත් ගින්න අද සවස් වන විට රක්ෂිතයේ කඳුමුදුණ දක්වා පැතිර ගොස් ඇති අතර ගින්න පැතිරිම නැවැත්වීම සඳහා ගුවන් හමුදා සහාය ද ලැබුණු බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.ඒ.පි.එස්.විරසේකර මහතා පැවසිය.
වේගයෙන් පැතිර යන ගින්න පාලනය කිරිමට ලක්ෂපාන යුද හමුදා කදවුරේ භට පිරිස්, හැටන් වන අඩවි කාර්යාලයේ නිලධාරින්, නල්ලතන්නිය පොලිසියේ නිලධාරින්ට අමතර සවස් වන විට ගුවන් හමුදා හෙළිකොප්ටරවල සහාය ගැනීමට කටයුතු කළ බව නොර්වුඩ් ප්‍රාදේශිය ලේකම් සමීර ගම්ලත් මහතා කියා සිටියේය.
මෙම ගින්න ඊයේ (23) පස්වරුවේ හටගත් අතර එය රක්ෂිතයේ කදු මුදුණ දක්වා පැතිර ගොස් ඇති බවත්, මේ වන විට රක්ෂිතය තුළ ගිනි පටි සකස් කිරිමට පියවර ගත් බව හැටන් වන අඩවි කාර්යාලයේ වන අඩවි නිලධාරි වි.ජේ.රුක්ෂාන් මහතා පැවසිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් ඉතාම කණගාටුයි මේ ලංකාවේ මිනිස්සු ගැන. ලැව්ගිනි ඇතිවෙන්න තරම් වියළි රටක් නොවේ මේක. කඳුකරයේ යම් සංවිධානාත්මක කල්ලියක් මේක කරනවා දැයි සොයා බැලිය යුතුයි. දැන් තිබෙන පාණ්ඩුවට ඒක කරන්න පුළුවන් ද කියලා මට නම් සැකයි...
හනුමා ලංකාව ගිනිතැබුවා වගේ නොවේවා.