
(යොහාන් භාසුර)
මැයි මස පැවැත්වීමට නියමිත අපොස සාමාන්‍ය පෙළ විභාගය (2022) කල්යෑම ඉඩ ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්‍ෂාව මේ වන විට සති දෙකකින් ප්‍රමාද වී ඇති බව කී අමාත්‍යවරයා උත්තර පත්‍ර පරීක්‍ෂාව තව දුරටත් ප්‍රමාද වුවහොත් සාමාන්‍ය පෙළ විභාගය කල්දැමීමට සිදුවන බව ද සඳහන් කළේය.
විභාගය දෙකක් අතර මාස තුනක පමණ කාලයක් තිබිය යුතු බවත් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට ද එම කාලය ලැබිය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලයිට් බිල වැඩි කරන්න තිබුණු වුවමනාව මේ ප්‍රශ්නය විසඳන්න නැහැ. හැම ආණ්ඩුවම අධ්‍යාපනය ට දීපු තැන ඕක තමයි.
සංගමේ එවුන්ට දරුවෝ යවන්න පුද්ගලික පාසල් තියෙනවා.... ගෙවන්න සංගමේ සාමාජිකයින්ගේ මුදල් තියෙනවා. සාමාන්‍ය දුප්පත් දරුවන්ට දෙයියෝ ඉන්නවා නම් දෙයියන්ගේම පිහිටයි. තමන්ගේ බඩගෝස්තරය හදාගන්න රටේ අනාගතය බාර ගැනීමට සිටින දරුවන්ට විනකටින සැමටත් ඔවුන්ගේ හත්මුතු පරම්පරාවේ අයටත් උපදින කිසිම ආත්මයක මානසිකත්වයක් නොලැබේවා...!