ජාතික තවුහීද් ජමාත් ත්‍රස්ත කණ්ඩායම සමන්තුරේ සෙන්ගල් ග්‍රාමයේ හා සමන්තුරේ නින්දවුර් යන ප්‍රදේශවල පවත්වාගෙන ගිය පුපුරන ද්‍රව්‍ය ගබඩා දෙකක් සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදුන් පුද්ගලයකුට රුපියල් ලක්‍ෂ 50ක ත්‍යාග මුදලක් පිරිනැමීමට වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා අනුමැතිය ලබාදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙම ත්‍රස්තවාදී කණ්ඩායම සම්බන්ධයෙන් තමා ලබාදුන් තොරතුරු අනුව පුපුරන ද්‍රව්‍ය බෝම්බ සෑදීමට ගන්නා යකඩ බෝල රසායනික ද්‍රව්‍ය පිරවූ කෑන් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්ත ද තමා සම්බන්ධයෙන් මෙතෙක් ඇගයීමක් සිදු නොවූ බව මෙම පුද්ගලයා පසුගිය දිනක විද්‍යුත් මාධ්‍ය වෙත ඉදිරිපත් කර තිබූ හඬපටයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානයට ලක්වී ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට වැඩබලන පොලිස්පතිවරයා වෙත කළ දැනුම්දීම අනුව ඔහු මෙම මුදල ගෙවීමට අනුමැතිය ලබාදුන් බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයා ඉකුත් අප්‍රේල් 26වැනි දින ලබාදුන් තොරතුරු දෙකින් පොලිසියට හා යුද හමුදාවට සෙල්ගල් ග්‍රාමයේ නිවස හා සමන්තුරේ නින්දවුර් යන ප්‍රදේශවල පුපුරන ද්‍රව්‍ය සොයගෙන තිබුණි.
මොහු ලබාදුන් සාර්ථක තොරතුරු දෙකෙන් එක් තොරතුරකට රුපියල් ලක්‍ෂ 25 බැගින් රුපියල් ලක්‍ෂ 50ක මුදල අනුමත වී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මෙම මුදල පොලිසියට තොරතුරු ලබාදුන් පුද්ගලයකුට මෙතෙක් ලබාදුන් වැඩිම පොලිස් ත්‍යාග මුදල බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අති විශිෂ්ට ත්‍යාගයක් ! මේ එක්කම .. අපේ රටේ හැම කෙනෙකුටම " රහස් පොලීසියට " රහසේ තම රාජකාරිය ඉෂ්ට කර දැනුවත් වීමටද වරමක් ලැබී ඇත !
එතකොට අර, දැනගෙනත් කියපු නැති අයට දෙන තෑග්ග මොකද්ද?