(යොහාන් භාසුර)

සිමෙන්ති මිල ඉහළ යෑමෙන් ඉදිකිරීම් කර්මාන්තය මුහුණ දී සිටින අපහසුතාව පිළිබඳව අවධානය යොමු කරමින් සිමෙන්ති සමාගමක් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් අඩු කිරීමට පියවර ගෙන ඇති බව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල අද (4) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 100 කින් අඩු වේ.