
(සුජිත් හේවාජුලිගේ සහ දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
වෙළෙඳපොළේ ලොකු සැමන් ටින් එකක මිල රුපියල් 600ක් දක්වා ඉහළ නැගීමෙන් පාරිභෝගිකයෝ දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති.
ලොකු සැමන් ටින් එකක මිල මේ දක්වා පැවැතියේ රුපියල් 450ත් 500 ත් අතර මිලකටය.
මීට අමතරව බිත්තර, මස්, මාළු කරවල සහ එළවළු මිල ගණන්ද දරාගත නොහැකි අන්දමට වැඩි වීමෙන් තමන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව පාරිභෝගිකයෝ පවසති.
බොහෝ වෙළෙඳසල්වල බිත්තරයක මිල රුපියල් 48 ත් 50ත් අතර සංඛ්‍යාවක් දක්වා ඉහළ නැග තිබෙනු දැකගත හැකි විය.
කුකුළු මස් කිලෝ එකක මිලද රුපියල් 1250ක් දක්වා ඉහළ නැඟ ඇත.
සෑම වර්ගයකම කරවල මිලද දෙගුණයකින් පමණ වැඩිවී ඇතැයි වෙළෙඳපොළ ආරංචිමාර්ග සඳහන් කරයි.
සැමන් මිල සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ සැමන් බෙදාහැරීමේ සමාගමක ප්‍රධානියකු පැවසූවේ සියලු වියදම් වැඩිවීම නිසා ලොකු සැමන් ටින් එකක මිල රුපියල් 750 ක් දක්වා වැඩිවිය හැකි බවයි.
මේ අතර දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන්ද සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බව එහි ව්‍යාපාරිකයෝ පැවසූහ.
ආර්ථික මධ්‍යස්ථානයට එළවළු ලැබීම සියයට 80 කින් පමණ අඩුවීම මීට හේතුවී ඇතැයි පවසන එම ව්‍යාපාරිකයෝ තක්කාලි කිලෝවක් රුපියල් 600 කටත් බොංචි කිලෝවක් රුපියල් 550කටත් වැටකොළු වම්බටු කරවිල ආදී එළවළු කිලෝවක් රුපියල් 300 කටත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ අලෙවි කෙරුණු බව ප්‍රකාශ කළහ.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය දවසින් දවස අඩුවෙමින් පවතින බවත් ඉන්ධන,සහ පොහොර නොමැතිවීම හේතුවෙන් එළවළු වගාවෙන් ගොවීන් විශාල වශයෙන් ඈත්වීම නිසා මේ තත්වය උදා වී ඇති බවත් වෙළෙඳපොළ ආරංචිමාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සැමන් නෙවේ.. මේ මැකරල්... ඔය මිලට සැමන් කන්න පුළුවන් නම් වෙන මාළු මොකටද?
අසරණ මිනිස්සු පව්... අගමැති මාරු වුණා කියලා වුණු දෙයක් නැහැනේ?
නන්දසේන රටට කළ විනාශයේ තරම... ජාතිවාදයෙන් රට කරන්න ගිහින් මුළු රටම කෑවා...
වඳ කොත්තු කාලා පෝෂණය වුණු අපි මොකටද දැන් වැඩි මුදලට සැමන් කන්නේ? කීයක් හරි වැඩි ගාණක් දීලා වඳ කොත්තුවක්ම කනවානේ..