(යොහාන් භාසුර)
බෙලිඅත්ත ප්‍රදේශයේදී අද (22) පෙරවරුවේ කළ වෙඩි තැබීමෙන් ඝාතනය වූ අපේ ජනබල පක්‍ෂයේ නායක සමන් පෙරේරා මහතාගේ කුරුණෑගල නිවස විශේෂ පොලිස් කණ්ඩායමක් පස්වරුවේ පරීක්‍ෂා කළේය.
එහිදී එම පොලිස් කණ්ඩායම පොලිස් සුනඛයන් ද යොදාගෙන නිවස සම්පූර්ණයෙන්ම පරීක්‍ෂා කර කළ බවත් නිවසේ කිසිඳු නීති විරෝධී භාණ්ඩයක් හෝ ද්‍රව්‍යයක් නොතිබුණු බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
එම නිවසේ බංකරයක් වැනි කාමරයක් තිබූ බව ද කී උසස් පොලිස් නිලධාරියා එහි තිබූ භාණ්ඩ ද පරීක්‍ෂා කළ බව ද සඳහන් කළේය.
ඒ මහතාගේ නිවසේ ආයුධ සඟවා ඇතැයි ලැබුණු තොරතුරුට අනුව මෙම පරීක්‍ෂාව කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ බෙලිඅත්තේ වුනේ තවත් පොලිස් මෙහෙයුමක්වත්ද? එහෙම හිතෙන්න හේතුව, මිනීමරුවෝ හොයන්න කලින් මියගිය කෙනාගේ ගෙවල් පරීක්ෂා කරලානේ....
දැන් තේරෙනවා කවුද තියන්න ඇත්තෙ කියලා