
(ඩයනා උදයංගනී)
සමාද්ධිලාභින්ට මෙවර සමෘද්ධි දීමනාව ලබාදීමේදී එම දීමනාව තුළ රුපියල් 500ක වටිනාකමකින් මාළු ලබාදීමට රජය තීරණය කර තිබේ.
අපනයන ප්‍රමිතීන්ට අනුව ඇසුරුම් කරන ලද මාළු ධීවර සංස්ථාව මැදිහත්ව ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේදී අද (3) පැවති සාකච්ඡාවකදීය. ඒ සඳහා මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ද හිමිවී තිබේ.
බස්නාහිර පළාතේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන හෙට සිට සෞඛ්‍යාරක්ෂිතව විවෘත කරන අතර වැලිසර ආර්ථික මධ්‍යස්ථානය විෂභීජහරණය කොට එහි සේවය කරනන් පී.සී.ආර් පරීක්ෂණයට ලක්කිරීමෙන් පසුව ලබන සඳුදා දින වන විට තොග වෙළඳාම සඳහා පමණක් විවෘත කිරීමේ හැකි බව ද බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින් ධීවර වරායවල් වල මාළු කිලෝ ලක්ෂ ගාණක් ඉතුරු වෙලා තියෙනවා කිව්වනේ. ඒවට ඉතින් කරන්න දෙයක් තියෙන්නත් ඔනෑනේ.
පරිස්සමින් කොරෝන බෝ කරන්න නම් එපා මාළු එක්ක
මාළු! අනේ මාළු කොරෝනා සමගද?