IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සමෘද්ධියට කෝටි 3200 ක පොල්ලක්



(සුජිත් හේවාජුලිගේ)

අඩු ආදායම්ලාභී පවුල් සඳහා රුපියල් 5000 දීමනාව ලබාදීම සඳහා සමෘද්ධි බැංකු පද්ධතියෙන් ලබාගත්  රුපියල් කෝටි 3241 ක මුදල   පසුගිය වසරේ වසර තුනක් ගත වී තිබියදීත් (2023 දෙසැම්බර් 31 වනවිට)  එම  බැංකුවලට ඒ  මුදල් ප්‍රතිපූර්ණය කිරීමට කටයුතු කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.

අඩු ආදායම්ලාභීන්ට එම මුදල ගෙවා ඇතැයි පැවසෙන්නේ  2020 වසරේදීය.

මේ අතර සමෘද්ධි බැංකු රට විරුවන් 11929ක් වෙනුවෙන් නිකුත් කර තිබූ  රුපියල් කෝටි 355 ක පමණ  ණය මුදලින් රුපියල් කෝටි 19කට වැඩි මුදලක් අය කරගෙන නැති බව එම වාර්තාව පෙන්වා දෙයි.

රට විරුවෝ නිවාස ව්‍යාපෘතිය සඳහා සමෘද්ධි අධිකාරිය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය  අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුම අවසන් වීම හේතුවෙන් ණය ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑම සඳහා උපදෙස් ලබා දී  තිබුණද  නව අවබෝධතා ගිවිසුමකට එළඹ නැතැයිද  විගණන වාර්තාව සඳහන් කරයි.

කොවිඩ්  රෝගයෙන් 2022 වර්ෂයේදී මියගිය සමෘද්ධි නිලධාරීන් වෙනුවෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව  රුපියල් දෙකෝටියකට වැඩි මුදලක් වන්දි මුදල් ලෙස අවිධිමත් ලෙස ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

කොව්ඩ්  රෝගයෙන් මිය ගිය නිලධාරීන්ට ප්‍රජා මූල බැංකුවකින් රුපියල් 40000ක්ද ප්‍රජා මූල බැංකු සමිතියකින් රුපියල් 25000 බැගින් එකතුකර ලක්ෂ දහයක වන්දියක් ලබාදීමට අනතුරු රක්ෂණ යෝජනා ක්‍රමයක් වෙනුවෙන් කළමනාකරණ මණ්ඩලය අනුමැතිය ලබාදී තිබූ බව වාර්තාවේ දැක්වේ.
 



අදහස් (1)

සමෘද්ධියට කෝටි 3200 ක පොල්ලක්

Rohana Monday, 12 August 2024 02:59 PM

ආණ්ඩුවත් සමෘද්ධි බැංකුවට එහෙනම් පොල්ලක් තිබ්බා ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 609 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site