
(සුජිත් හේවාජුලිගේ )
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ වාහන 146 කින් 33 ක් කාර්මික දෝෂයට ලක්වූ දීර්ඝ කාලයක සිට දෙපාර්තමේන්තු පරිශ්‍රයෙහි හා ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත රථ ගාලේ අනාරක්ෂිතව ගාල්කර තිබුණු බව නිරීක්ෂණයවී යැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
ඉන් වාහන 14 ක් අලුත්වැඩියා කර ධාවනය කිරීමට සුදුසු තත්වයේ පවතින බව කාර්මික නිලධාරීන්ගේ වාර්තාවලින් පැහැදිලිවී යැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
කාර්මික නිලධාරීන් මෙම වාර්තා ඉදිරිපත්කර ඇත්තේ 2020 ඔක්තෝම්බර් සහ 2021 ජුලි මාසවලදී යැයිද විගණන වාර්තාවේ දැක්වේ.
මෙම වාහන අලුත්වැඩියා කිරීමට එහි කළමනාකාරීත්වය පසුගිය වසරේ අප්‍රේල් 24 වැනිදා දක්වාම ක්‍රියා කර නොතිබූ බව පවසන විගණන නිලධාරීහු මෙම වාහන අළුත්වැඩියා නොකිරීම හේතුවෙන් ඒවා පාවිච්චියට ගත නොහැකි වන තත්වයට පත්වෙමින් පවතින බවද ප්‍රකාශ කළහ.
එම වාහනවල අමතර කොටස් අස්ථානගතවීම වළක්වා ගැනීම කළමනාකාරීත්වයේ වගකීම බවද විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
මෙම තොරතුරු සඳහන් වන්නේ පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරුණු සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2021 කාර්ය සාධන වාර්තාවේය.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සමෘද්ධියේ වාහන 33ක් කොට උඩ