
(බිමල් ශ්‍යාමන් ජයසිංහ,ගයාන් සූරියආරච්චි සහ බුද්ධික කුමාරසිරි)
බිරිඳ සහ කුඩා දරුවා සමග මෝටර් රථයෙන් නිවස කරා යමින් සිටි සමෘද්ධි සහායකවරයකුට මීගොඩ නාගහ වත්ත ප්‍රදේශයේදී ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි
ඝාතනයට යොදා ටි පනස් හයේ ගිනි අවියද පොලිස් භාරයට ගෙන ඇත.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යුද හමුදාව සේවයෙන් පලා ගිය අයකු වන අතර ඔහු ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ අසල්වාසී නිවසක පදිංචිකරුවකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
වෙඩි තැබීමෙන් ඝාතනයට ලක් වූයේ මීගොඩ ඕවිටිගම නාගහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පොල්ලු පතිරගේ නලින් සඳුන් තරංග කල්දේරා නොහොත් බබා නැමැති 32හැවිරිදි එක්දරුපියකි.
ඝාතනයට ලක්කු පුද්ගලයා පවුලේ අයවලුන් සමඟ ඉකුත් 14වෙනි දින වැඩිමහල් සහෝදරයාගේ නිවසේ සාදයක් පවත්වා රාත්‍රී 11.15 ට පමණ සාදය නිමකර බිරිඳ සහ කුඩා දරුවාද සමග මෝටර් රථයෙන් නිවස කරා යමින් සිටියදී නාගහවත්ත කැලෑබද ප්‍රදේශයකදී මාර්ගය අයිනේ සැඟවී සිටි පුද්ගලයන් දෙදෙනකු එක වරම මාර්ගයට පැමිණ මෝටර් රථයේ ඉදිරිපස රියදුරු අසුන දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් තිබිණි .
වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලද සමෘද්ධි සහායකවරයා මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ වෙඩි තැබීම් පාලනය කිරීමට නම්, වහාම මෙවැනි ඝාතන සඳහා විශේෂ උසාවියක පිහිටවා ඉතා ඉක්මණින් විමර්ශණය කර චූදිතයින්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙළක පටන් ගන්න. එතකොට ඔය වෙඩි තැබීම්, මිනී මැරීම් නැත්තටම නැති වෙලායයි.