(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
සමෘද්ධි බැංකු සහ බැංකු සමිතිවල සිදුවී ඇතැයි පැවසෙන වංචා 107 කින් කෝටි විසි තුනකට වැඩි පාඩුවක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
මේ වසරේ අප්‍රේල් මස 21දා විගණනයට ඉදිරිපත් කෙරුණු වාර්තා අනුව 2014 - 18 කාල පරිච්ඡේදයේදී සිදුව ඇතැයි කියන වංචා 15 කින් රුපියල් කෝටි හයකට වැඩි මුදලක්ද 2019 සිට 2023 පෙබරවාරි දක්වා සිදුවී ඇතැයි කියන වංචා 92 කින් රුපියල් කෝටි 17ට වැඩි මුදලක්ද පාඩු වී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
ගනුදෙනුකරුවන්ගේ කටයුතු අතින් කිරීමේදී සිතාමතාම කරන වැරදි සහ මූල්‍ය වංචා අවම කර කරගැනීමට අපේක්ෂා කළද එම වංචාවල අඩුවක්වී නැතැයි එම වාර්තාවේ දැක්වේ.
දෙපාර්තමේන්තුවට මෘදුකාංගයක් මිලදී ගැනීම ඇතුළුව ඊ පුවත්පත එළිදැක්වීම සඳහා රුපියල් ලක්ෂ 77 කට වැඩි මුදලක් වියදම් කර ඇතත් ඉන් සාර්ථක ප්‍රතිඵල අත්ව නැතැයි පවසන විගණන වාර්තාව ඊ පුවත්පත පරිශීලනය කරන සංඛ්‍යාව 56234 ක් ලෙස පැවතුණු බවද සඳහන් කළේය.
ඊ පුවත්පත දුරකථන යෙදවුම භාවිතා කරන ප්‍රමාණය 21565 ක්වූ අතර එය මුළු සමෘද්ධිලාභීන්ගෙන් සියයට හතරක් ලෙස පහළ මට්ටමක පැවතුණු බවද වාර්තාව සඳහන් කරයි.
මේ අතර සුව බොජුන් හල් හතරක් ඉදිරි කිරීම සඳහා 2020 හා 2021 වර්ෂවලදී රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් වැය කර ඇතත් මේ වසරේ මාර්තු දක්වාම එම අලෙවිහල් විවෘත කිරීමට නොහැකිව තිබූ බවද විගණන වාර්තාව සඳහන් කළේය.
මේ තොරතුරු සඳහන් වන්නේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය. මෙම වාර්තාව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරිණ.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
සමෘද්ධි බැංකුවල කෝටි 23ක වංචාවක් විගණනයේදි හෙළිවේ
Lalla Saturday, 23 September 2023 10:55 PM
බදු ගෙවන්නන්ගේ මහන්සිය කොල්ල කා නිකමුන්ට දීලා ඒවාත් ගසාකෑමට දෙනවා කියන්නේ මොන නින්දාවක්ද..? සමෘද්ධිය අස්වැසුම නවතා දැම්ම එකම විසඳුම...
පැරකුම් Sunday, 24 September 2023 06:21 AM
නිකං කියවනවා විතරයි... මෙච්චර කාලෙකට වැරැදි කරන අයට දඬුවමක් දීලත් නෑ. දෙන්නෙත් නෑ. අපි නිකං ලේ පුච්ච ගන්නවා විතරයි. ඕවා නවත්තලා තමුන්ගේ වැඩක් බලාගත්තා නම් නරකද?