IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සමෘද්ධි බැංකු රජයේ විගණනයට

(අංජුල මහික වීරරත්න)

සමෘද්ධි ප්‍රජා මූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීම සඳහා පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ශුද්‍ර මූල්‍ය කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා සමෘද්ධි ප්‍රජා මූල බැංකු 1082ක් සහ සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිති 335ක් රට පුරා ක්‍රියාත්මක වන බව රජය කියයි.

සමෘද්ධි පනතේ විධිවිධාන පරිදි එම ප්‍රජා මූල බැංකු සහ බැංකු සමිති වාර්ෂිකව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණන අංශය මගින් විගණනය කරනු ලබන අතර ජාතික විගණන කාර්යාලයේ විගණනයට ලක්විය යුතු බවට වන විධිවිධාන සමෘද්ධි පනතේ ඇතුලත්ව නැතැයි ද රජය කියයි.

මෙම ආයතන රජයේ විගණන කාර්යාලය විසින්ද විගණනය කිරීම මගින් ඒවායේ කාර්යයන් විනිවිද භාවයෙන්  පවත්වා ගැනීමට සහ ජනතාවගේ විශ්වාසය හා පිළිගැනීම වර්ධනය කිරීමට හැකිවනු ඇති බව හඳුනාගෙන ඇත.

ඒ සඳහා විධිවිධාන පනවමින් සමෘද්ධි පනත සංශෝධනය කිරීමටත් ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත්  කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.



අදහස් (2)

සමෘද්ධි බැංකු රජයේ විගණනයට

Patta Horaa Tuesday, 28 May 2024 11:02 AM

ඉතින් ඔය පනත හදාගෙන තියෙන්නෙ ඇස්බීට වාසිතකා වෙන්න ඇති ජනතා මුදල් වුනත් විගණනයක් කලොත් හොරකම් අසුවන නිසා ගසාකෑමට පහසුකම් සකසා ගන්න ඇති සමුර්ධි විගණන කටයුතු හොරාගෙ අම්මගෙන් පේන අහන ක්‍රමයට තමයි හදාගෙන කියලා දැන් දැන් පේනවා

:       0       0

saman Tuesday, 28 May 2024 07:59 PM

සමූපකාර සහ ග්‍රාමීය බැංකුද රජයේ විගණනයට යටත් කරන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site