IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


සමත් නැති ගොඩට දැමූ පහේ 146 ඉහළින්ම පාස්

(රංජන් කස්තුරි)

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණයේදී විභාගය අසමත්ව සිටි සිසුන් 146 දෙනකු කඩඉම් ලකුණු අභිබවා විභාගය සමත්ව ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා සිංහල මාධ්‍ය සිසුන් 20334 දෙනකු සහ දෙමළ මාධ්‍ය සිසුන් 4823 දෙනකු වශයෙන් සිසුන් 25157 දෙනකු ඉල්ලුම් කර තිබූ බවද අමිත් ජයසුන්දර මහතා කීය.

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත් නැවත සමීක්ෂණයේදී පරීක්ෂකවරුන් දෙදනකුගේ පරීක්ෂාවට ලක්කළ බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.



අදහස් (14)

සමත් නැති ගොඩට දැමූ පහේ 146 ඉහළින්ම පාස්

ලක්ශ්‍රීනි Tuesday, 30 May 2023 07:25 PM

බොහොම සතුටුයි මගේ දරුවා ශිෂ්‍යත්ව විභාගය ලියපු අවස්ථාවේ නැවත සමීක්ෂණ ඉල්ලුම් පත්‍රය විදුහල්පති දේශපාලන හේතු මත යවා තිබුනෙ නැහැ කියලා දැනගත්තෙ නියමිත කාලය ඉකුත්ව ගියාට පස්සෙ තමයි උසස් පෙළ විභාගය වෙනුවෙන් නැවත සමීක්ෂණ ඉල්ලීම ඉදිරිපත් කලාම නියෝජ්‍ය විදුහල්පති කිව්වෙ ඕව යවල වැඩක් නැහැ පරීක්ෂා කරන අයට දඩුවම් කරන්න බැරිනිසා ප්‍රතිඵලය වෙනස්කරන්නෙ නැහැ කියලා ඒක සත්‍ය බව නැවත සමීක්ෂණ ප්‍රතිඵලය අනුව සත්‍ය වුනා සත්‍ය වශයෙන්ම දක්ෂතා ඇති දරුවො තෝරා ගැනීම ගැන ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි කියන්න පුළුවන්

:       0       7

ගමේ එකාලා Tuesday, 30 May 2023 08:58 PM

මොන සිහියෙන් ප්‍රශ්න පත්‍ර පරික්ෂා කළා ද කියලා දෙයියෝ තමා දන්නේ?

:       0       10

G. K. Ekanayake Tuesday, 30 May 2023 11:28 PM

සමස්ත උත්තර පත්‍ර බැලීමේදී 0.58% ක් වැරදියට බලල තියෙන්නේ. මේක ඇත්තෙන් ම වරදක්. නැවත පරීක්ෂණය අයදුම් නොකළ තව කොච්චර ඇතිද? ඒ අයට වන අසාධාරණය? මේ ලියන මගේ A/L ප්‍රතිඵල 'C' එක 'B' වුනා. එකෙන් මට ඉන්ජිනේරු පීඨයට යන්න ලැබුනා. වැරදියට බලන අයට දඬුවම් දියයුතුය.

:       0       21

chandima Wednesday, 31 May 2023 04:38 AM

ඔය විදියට නැවත සමීක්ෂණයට ඉල්ලපු නැති කී දෙනෙක් පාස් වෙලා ඇතිද ?පවු අහිංසක ළමයි

:       0       10

Taniya Wednesday, 31 May 2023 07:03 AM

එතකොට මේ දරුවන්ගේ උත්තර පත්‍ර පළමුවරට බලපු අයට මොකුත් දඬුවමක් නැත්ද?

:       0       16

Rasika Wednesday, 31 May 2023 07:17 AM

ප්‍රතිඵල ආවට පස්සෙ ඒ ළමයින් අසමත් වීම නිසා ලැබුන මානසික පීඩනය අපහාස ආදියට විභාග දෙපාර්තමේන්තුව වන්දි ගෙවනවද? එහෙම නැත්තන් සමාව ගන්නවද?

:       0       19

මුදිත් Wednesday, 31 May 2023 09:02 AM

දැන් එතකොට වැරදියට උත්තරපත්‍ර බලපු පරීක්ෂක වරුන්ට මොකද කරන්නේ ? උසස්වීමක් දෙනවද ?

:       0       10

ස්ටැන්ලි Wednesday, 31 May 2023 10:52 AM

අනිවාර්යයෙන් උසස් වීමක් දෙනවා නැත්නම් ඉතින් ඊළඟ වතාවේ නොබලම හිටියොත් මොනවා කරන්නද

:       0       1

Lal Wednesday, 31 May 2023 09:25 AM

මුං ගංජා ද පේපර්ස් බලල තියෙන්නෙ

:       0       6

Sathya Wednesday, 31 May 2023 09:38 AM

මොකුත් කියන්න හොඳ නෑ. මේව දැක්කත් නොදැක්ක වගේ ඉන්න, වැටුප් දීමනා මතතෙම නහින ගුරු සංගම්වල හිත රිදෙයි..

:       0       14

Perera Wednesday, 31 May 2023 09:53 AM

ලන්තේ ලොන්ත වුන රටේ ඔක්කොම වැඩ කිසි කමකට නැහැ .දුක ළමයින්ට අනාගතයක් ලංකාවේ නැති එක ගැන

:       0       6

Confused Wednesday, 31 May 2023 12:33 PM

ප්‍රශ්න පත්‍ර බලන ගුරුවරයෙක් හැටියට මටනම් මෙතන ලොකු වරදක් වෙලා කියලා පේන්නෙ නෑ. Human error කියන එක අපට බින්දුව කරන්ට බෑ. ඒ නිසා තමා නැවත පරීක්ශනය කිරීමට අවස්තාවක් ලබා දීලා තියෙන්නෙ. නැවත සමීක්ශනය කරපු 25,000 කින් විතර (එ කියන්නෙ තමන්ගෙ ප්‍රතිපලය වෙනස් වෙන්ට ඔන කියලා හිතපු 25,000 කින් ) 146 ක් කියන්නෙ 0.58%ක්. 1% ටත් අඩුයි. 25,000 ක් විතර ගත්තම, පාස් වෙන්ට එක ලකුනක් මදි අය එතන 100ක් 200ක් ටත් වැඩිය ඉන්ට පුලුවන්. මට හිතෙන්නෙ නැවත සමීක්ශනය කරපු අයගෙත් හිත උනු වෙන්ට ඇති. ප්‍රශ්නයකට හරි/වැරදි උත්තර අතර තරමක් හරි/වැරදි උත්තර තියෙන්ට බැරිද?? මට කියන්ට ඔන උනේ මේකයි. ගුරුවරයා කොම්පුටරයක් වගේ සලකලා මස් රාත්තලම ගන්ට ගිහින් නැවත සමීක්ශන නිදහව නැති කරගත් යුතුත් නෑ.

:       5       9

Wasantha Gallage Wednesday, 31 May 2023 01:05 PM

මේවගේ වැරදිවලට ගුරුවරුන්ට කිසිම විදියක සමාවක් දෙන්න එපා. විශේෂයෙන් දෙවනවර පරික්ෂා කරපු නැවත සමීක්ෂණය තහනම් කරන්න

:       2       1

Bunny Preena Wednesday, 31 May 2023 01:08 PM

මට නම් අන්ජ බජල් වගෙයි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 460 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2211 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1662 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site