IMG-LOGO

සීමිත ඉඩකඩක වගාකිරීමේ තාක්ෂණික ක්‍රම HDFC බැංකුවෙන්

නිවාස ණය ක්ෂේත්‍රයේ පුරෝගාමියකු වන HDFC බැංකුව විසින් සංවිධානය කරන ලද, සීමිත ඉඩකඩ සහිත පරිසරයේ වගාකිරීමේ තාක්ෂණික ක්‍රම සම්බන්ධ විශේෂ වැඩසටහන, Hyde park Corner ශාඛා පරිශ්‍රයේදී පසුගිය දිනක සාර්ථකව පැවැත්විණි.

HDFC බැංකුව මෙම කාර්යයට මුලපිරීමේ අරමුණ වූයේ, ඉදිරි කාලයේදී උද්ගත විය හැකි ආහාර හිඟයට සාර්ථකව මුහුණ දීමට අවැසි වටපිටාවක් සැකසීමට ශක්තියක් වීමයි. ඒ අනුව, නාගරික පරිසරය ඉලක්ක කරගනිමින් සීමිත ඉඩකඩක ඵලදායීව වගාකිරීමට අවශ්‍ය බීජ පැළ හා පොහොර පිළිබඳ දැනුම අවබෝධය ප්‍රජාවට ලබාදීම ප්‍රධාන අභිලාෂය විය. පුළුල් ප්‍රේක්ෂක පිරිසකට සම්බන්ධවීමට අවකාශ ලබාදෙමින් HDFC බැංකුවේ නිල Facebook  පිටුව හා Youtube නාලිකාව  හරහා වැඩසටහන විකාශය කෙරිණි.

මෙම විශේෂ අවස්ථාවට, HDFC බැංකුවේ සභාපතිනි වසන්ති මංචනායක, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඒ.ජේ. අතුකෝරළ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීනි සුදිශ්නා පෙරේරා, ප්‍රාදේශීය කළමනාකරු නිශාන්ත රණසිංහ, අලෙවිකරණ කළමණාරිනී දීපානි ප්‍රියංකා අපෝන්සු මහත්මිය,  හයිඩ්පාර්ක් කෝනර් ශාඛා කළමනාකරු අමල් කිරිඇල්ල සහ ආරාධිතයන් ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් කෘෂිකර්ම උපදේශක සමිත මදුසංඛ, නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ සමන්මලී ප්‍රනාන්දු, සහකාර පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂිකා සුභාෂිනී ප්‍රේමරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් සභාපතිනි වසන්ති මංචනායක මහත්මිය ප්‍රකාශ කළේ, ඔබගේ නිවසේ බැංකුව ලෙස, සියලු ලාංකීය ප්‍රජාවට උපකාර කිරීම සඳහා ඉදිරියේදී තවත් වැඩසටහන් තුළින් ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයාමට බලාපොරොත්තු වන බවයි.

595



අදහස් (0)

සීමිත ඉඩකඩක වගාකිරීමේ තාක්ෂණික ක්‍රම HDFC බැංකුවෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 57 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 468 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 904 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site