
(යොහාන් භාසුර)
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ‘ඔන්ලයින්’ පනතට විරෝධය දක්වමින් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් පාර්ලිමේන්තු වටරවුම අසළ අද (23) පෙරවරුවේ විරෝධතාවක් දැක්වූහ.
‘සමාජය ගොළුවන් කරන සමාජ ජාල පනත හකුලනු’ යන තේමාව යටතේ පැවැති මෙම විරෝධාවයේදී ‘හොරු රකින රනිල් සත්‍යයට වැට බදී සහ නිදහස් අදහස් වාරණ පනත ඉරා දමනු’ ආදි පාඨ සටහන් කර පුවරු රැගෙන එම පිරිස විරෝධය දැක්වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොක්කා ජනාධිපතිවරණයට එන්න හදන්නෙ සාමාජ ජාලා සේරම වහගෙන. සමාජ ජාලා වලට නියාමනයක් තිබිය යුතුයි. නමුත්.අදහස් දැක්වීමට නිදහසකුත්.තිබිය යුතුයි. ඒ නිදහස අවභාවිතා කිරීම තමයි ප්‍රශ්නය.
රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය?
ඔබ සමාජ මාධ්‍ය වාරණයට එරෙහි නම් මේ පනතට පක්‍ෂව චන්දය දෙන මන්ත්‍රීවරු ඊලග මැතිවරණයේදී ගෙදර යවන්න වග බලා ගමු
මේ අය හිතාගෙන ඇති සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරනවා කියලා. එහෙමත් නැත්නම් අනුන්ගේ කුණු රසය විඳින්න ආස අය හරි කුණු රසය විකුණලා මුදල් හම්බ කරන අය හරි වෙන්න ඇති. ඒත් ඉතින් මේ කුණු රසයෙන් අනාගත පරම්පරාව ආරක්ෂා කරගන්න කැමති තරුණ දරුවන් ඉන්න අම්මලා තාත්තලා ඇතුළු සාමාන්‍ය ජනතාව මෙතන ඉන්න අප වගේ මිලියන ගනනකින් වැඩි බව සමාජයම තේරුම් ගත යුතුයි.
අපක්ෂපාතීව බැලුවොත් අපේ රටේ ගොඩක් දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති වැනි සංවිධානවල පැවැත්ම රඳාපවතින්නේම බොරුව ජනගතකිරීම මතයි. උදාහරණ එමටයි. කැලණියේ නයි නැටවීම වගේම MCC ගිවිසුම ගැන කළ ප්‍රචාර වගේම දොස්තර සාෆි නාඩගම යනාදිය මෑතකාලීන නිදසුන්... ඔය රූපවාහිනී නාලිකා වලින් මොනතරම් බොරු බේගල් කිව්වද? ඒ නිවේදක නිවේදිකාවන්ට විලිලැජ්ජාවක් නැතිව පාරේ යන්න පුළුවන්ද? ඔවුන් කියපු බොරු බේගල්වලට? ෆේස් බුක් වැනි සමාජ මාධ්‍ය හරහා මොනතරම් බොරුබේගල් කියමින් මිනිස්සුන්ගේ චරිත ඝාතනය කරනවද? කෙනෙකුට මඩ ගහන්න ඕනෑවුණාම ඕනෑම බොරුවක් ඔහේ හරක් වගේ තමන්ගේ ෆේස්බුක් ගිණුමෙන් ප්‍රචාරය කරනවා. කිසිම් සදාචාරයක් හෝ විනයක් නැති කුළුහරක් වගෙයි මොවුන් සමාජ මාධ්‍ය තුළ හැසිරෙන්නේ... යූටියුබ් එකේ ගැහැණුන්ගේ නිරුවත පෙන්වමින් තිරිසන්නු වගේ හැසිරෙනවා. මේවා පාලනයකට යටත් විය යුතුමයි. බොරු ප්‍රචාරය කරන අය තමයි මේ කුලප්පු වෙලා දඟලන්නේ... බොරු ප්‍රචාරය තහනම් කළා කියලා සමාජය ගොළුවෙනවා කියන්නේ පල් මෝඩයෝ...
ඔය බෝඩ්වල තියෙන අකුරු දැක්කාම මෙයාලා කාගේ අතකොළුද කියලා පැහැදිලියි. බොරුව සමාජගතවීම තමන්ගේ කණ්ඩායමට වාසි වෙනකොට බොරු ප්‍රචාර තහනම් කරනවාට විරුද්ධයි. ඒකම තමන්ට අවාසි වෙනකොට පක්ෂයි. ඕකනේ මෙතැන තියෙන තිත්ත ඇත්ත... වෙන නිකන් වැල්බයිලා කියමින් මිනිස්සු කුපිත කරන්න හැදුවාට...!
මොවුන් කියන නිසා අකුලයි බලන් ඉන්න...