(නිමන්ති රණසිංහ)
සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට අයුතු බලපෑම් කිරීම සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කළ පැමිණීල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඉදිරියේ අද (19) කරුණු වාර්තා කර ඇත.
“රනිල්ට ඡන්දය දී ගමට එන්න එපා. ගමේ කෑම ලෑහැස්තියි” යනුවෙන් මුහුණු පොතේ දැන්වීම් නිර්මාණය කර ඒවා බෙදා හැරීම සම්බන්ධයෙන් වන මෙම පැමිණීල්ල කතානායකවරයා විසින් පොලිස්පතිවරයාට ඉදිරිපත් කර ඇති බවත් පසුව පොලිස්පතිවරයාගේ නියමයෙන් මෙම විමර්ශනයට ආරම්භ කළ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්, ප්‍රජාතන්ත්‍රවාදය නැසීම කියන්නේ ඕකට තමයි...!
හිනත් යනවා අනේ...!