IMG-LOGO

2024 මැයි මස 01 වන බදාදා


සමාජ මාධ්‍ය පනතේ පළමු නඩුව නීතීඥ සංගමයේ නිරීක්ෂණයට

(රෝෂන් තුෂාර)

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක  මහතාගේ පුද්ගලික තොරතුරු  අන්තර්ජාලයට මුදා හැරීම හා ප්‍රචාරණය  කිරීම වළක්වමින් ඔහුගේ  පුද්ගලික ලේකම්වරිය ඇතුළු අට දෙනෙකුට එරෙහිව සමාජ මාධ්‍ය පනත යටතේ පැවරූ නඩුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිරීක්ෂණයට ලක්කරන බව එම සංගමයේ සභාපති කෞශල්‍ය නවරත්න මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් පැවසීය. 

මෙම නඩුකරය සමාජ මාධ්‍ය පනත යටතේ පැවරූ නඩුවක් හෙයින් සහ ජනතාවගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කිරෙහි බලපාන නඩුවක් බැවින් මේ සම්බන්ධව නිරන්තර නිරීක්ෂණයට ලක් කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්  තරංගා මහවත්ත මහත්මිය ඉදිරියේ කරුණු දකවමින් පැවසීය.

 ජනක රත්නායක මහතා විසින් ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළේ යැයි කියන පොල්වත්ත ආරච්චිගේ ගයත්‍රි බිම්බා,ඇතුළු  හය දෙනකු , වට්ස්අප් හා ගූගල් සමාගමට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.

 පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පුද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදා හැරීම හා ප්‍රචාරය කිරීම වළක්වමින් කොන්දේසි සහිත ආඥාවක්  පසුගිය 04වැනි දින නිකුත් කළේය.

 ගයත්‍රී බිම්බා විත්තිකාරිය සමග දැනට තායිවානයේ වාසය කරනවා යැයි කියන ජනක රාජපක්ෂ සහ ඕෂල හේරත්,ජයලාල් පෙරේරා,කල්ප හා කමන්ත තුෂාර යන විත්තිකරුවන්ටද මෙම වාරණ ආඥාව නිකුත් කෙරිණි.

ව්‍යවස්ථාදායකය මගින් පසුගිය ජනවාරි මස සම්මත කළ 2024 අංක 09 දරණ මාර්ගස්ථ ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනතේ 24 වන වගන්තිය යටතේ මෙම පැමිණිල්ල ගොනුකර තිබිණි.

 අදාළ පනත යටතේ

තහනම් ප්‍රකාශනවලට එරෙහිව අධිකරණයේ පවරන පළමු පැමිණිල්ල මෙම නඩුකරය වේ. විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥවරු  අධිකරණයේ පෙනී සිටි අතර වැඩිදුර විභාගය මැයි මස 02වෙනි දිනට කල් තැබිණි.



අදහස් (0)

සමාජ මාධ්‍ය පනතේ පළමු නඩුව නීතීඥ සංගමයේ නිරීක්ෂණයට

ඔබේ අදහස් එවන්න

දියත

විදෙස් කත බේරාගන්න මුහුදට පැන්න ත්‍රිරෝද රියදුරු අතුරුදන්
2024 මැයි මස 01 891 0

අහංගම ගොයියපාන මුහුදු තිරයේ දියේ ගිලෙමින් සිටි යුක්රේන් ජාතික විදේශිය කාන්තාවක් බේරාගැනිම සදහා අද (01) මුහුදට පනිනු ලැබු පුද්ගලයකු දියවැලකට හසුවිමෙ


ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්න
2024 මැයි මස 01 690 5

අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ ,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට


වෑන්රියක්-අත්ට්‍රැක්ටරයක් ගැටී අයෙක් මරුට:5ක් රෝහලට
2024 මැයි මස 01 234 0

යාපනය මහනුවර ඒ්-9 ප්‍රධාන මාර්ගයේ චාවකච්චේරි නූනාවිල් ප්‍රදේශයේදී වෑන් රියක් සහ අත්ට්‍රැක්ටරයක් එකිනෙක ගැටී සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු මිය ගොස්


බාල හාල් බෙදූ මෝල් හිමියාට වැඩ වරදි
2024 මැයි මස 01 569 2

සෙවනගල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීන්ට ප්‍රමිතියෙන් තොරව සහල් බෙදූ බව කියන මෝල් හිමියාගේ සහල් සැපයුම නවතා දැමීමට සෙවණගල ප්‍රාදේශීය


මැයි දිනයට ලංගමයෙන් බස් 685ක්
2024 මැයි මස 01 408 2

පක්ෂ හයක නියෝජිතයන් අද (1) මැයි දිනයට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් බස් රථ 685 ක් මුදල් ගෙවා ලබාගෙන ඇතැයි සභාපති ලලිත්ද අල්විස් මහතා පැවසීය


‘‘වතුකම්කරුවන්ට 1700 දෙන්න බෑ‘‘
2024 මැයි මස 01 1618 7

තේ කිලෝවක් නිෂ්පාදනය කිරිම සදහා වැය වන ඉහල පිරිවැය හමුවේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කිරිමට නොහැකි බව වතු හාම්පුතුන්ගේ සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 425 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1837 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1649 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site