
(රෝෂන් තුෂාර)
යුද හමුදාපතිවරයා සම්බන්ධයෙන් අසත්‍ය ,ද්වේශ සහගත හා අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝ හා ප්‍රකාශ නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සාලිය රණවක විත්තිකරුට විදුලි සන්දේශ නියාමක කොමිෂන් පනත ප්‍රකාරව සිතාසි භාරදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (29) නියෝග කළේය.
විතාරණගේ තුෂාර සාලිය රණවක විත්තිකරු අද දින අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය.
වග උත්තරකරුට ඊමේල් පණිවිඩ මගින් යැවූ සිතාසිය ලැබී ඇති බවට ඔහු දැක්වූ ප්‍රතිචාර මගින් පෙනී යන බවත්, පිස්කෙල්වරයා මගින් සිතාසි භාරදීමට නොහැකි වී ඇති බැවින් යලිත් සිතා සිය යොමු කරන ලෙසට පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ එම්. මොහොමඩ් ෆර්ෂාන් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
යුධ හමුදාපති ලුතිනල් ජෙනරාල් විකුම් ලියනගේ මහතා පැවරූ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කෙරිණි.
යුද හමුදාපතිවරයා පසුගිය 15 වැනි දින මෙම නඩුව පැවරූ අතර පැමිණිල්ලේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපහාසාත්මක කරුණු ඇතුළත් වීඩියෝ ප්‍රකාශ සහ දර්ශන අන්තර්ජාලයට උඩුගත කිරීම
,බෙදා හැරීම වළක්වමින් කොන්දේසි සහිත තහනම් ආඥාවක් විත්තිකරුට එරෙහිව නිකුත් කරමින් අද දින අධිකරණය ඉදිරියේ කරුණු දක්වන ලෙසට නියෝග කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්ජිඕ වලින් සල්ලි අරගෙන රටටත් රටේ විවිධ චරිත වලටත් ගරහන මෙවැනි.මිනිසුන් ට දඬුවම් තිබිය යුතුයි .තව ගොඩක් ඉන්නවා
ඔන්න වල්ග පාගගන්න අයට මුලින්ම කිව්ව, මේ කියන අය මාලිමාවෙ අය නොවෙයි.හමුදාපති කොහොමද දන්නෙ නැහැ.
සෙනවිරත්න කියන්නේ කලින්ම මාලිමාවේ නොවෙයි කියලා.කොහොමද ඒක ?පුහුල් හොරා කරෙන් දැනෙයි කිව්වලු