
(ඉන්දිකා රාමනායක)
පාසල නිමවී නිවස බලා යන අතරේ වෑන් රථයකින් පිරිසක් පැහැර ගැනීමට තැත් කළ බවත්, ඔවුන්ගේ ගෙන් බේරී පලා ගිය බවත් නාරාහේන්පිට පොලිසියට අසත්‍ය පැමිණිල්ලක් කළ 11 හැවිරිදි පාසල් සිසුවාට අවවාද කර මාපින්ට බාර දුන් බව පොලිසිය කියයි.
ළමුන් පැහැර ගැනීමේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා සංසරණය වන වීඩියෝ පට නරඹා මේ ආකායේ අසත්‍ය කථාවක් නිර්මාණය කළ බවට සිසුවා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇති බව පොලිසිය කියයි.
බම්බලපිටිය ප්‍රදේශයේ විදුහල ඉගෙනුම ලබන මෙම සිසුවා ඊයෙ (23) පාසල නිම වී නිවසට යන අවස්ථාවේ පාර්ක් පාරේ දී වෑන් රථයකින් පැමිණි පිරිසක් ඔහු පැහැර ගැනීමට උත්සහ කළ බවත්, ඔහු එම පිරිසෙන් බේරී නිවසට දිවගොස් සිද්ධිය පියාට දැනුම් දීමෙන් පසුව පියා සිසුවා සමග පැමිණ පෙරේදා සවස මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
මෙම සිසුවාගේ පැමිණිල්ල ලද විගසම නාරාහේන්පිට පොලිසිය විමර්ශන ආරම්භ කර දරුවා සඳහන් කළ ප්‍රදේශය අවට සියලු සී සී ටී වී කැමරා පරීක්ෂාවට ලක් කළද එම ප්‍රදේශයේ එවැනි සිද්ධියක් නිර්ක්ෂණය වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයා ඇත්තක් කිව්වා වෙන්න පුළුවන්. කිසිම පුවතක් රිලයබල් නෑ. දැන් ලංකාවේ. කෝකටත් තමන්ගේ දරුවෝ පරිස්සම් කරගන්න.
ඡන්දෙත් ළඟයිනේ... හාහාහා...!