නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා තිබූ සීමා කඩකළ රුමේනියානු අග්‍රාමාත්‍ය ලුඩොවික් ඔර්බාන්ට ඇමෙරිකානු ඩොලර් 600ක (රුපියල් එක්ලක්ෂ එකළොස් දහස් හත්සියයකට ආසන්න මුදලක්) දඩයක් ගෙවීමට සිදුව ඇත.
ඒ අනුව ගෘහස්ත දුම්පානය සහ රජයේ ගොඩනැගිල්ලක රැස්වීමක් පැවැත්වීම හේතුවෙන් අග්‍රාමාත්‍ය ලුඩොවික් ඔර්බාන්ට එලෙස දඩ ගෙවීමට සිදුව තිබේ. රුමේනියානු අග්‍රාමාත්‍යවරයා ගොඩනැගිල්ලක් තුළට වී දුම්පානය කර ඇති අතර රජයේ ගොඩනැගිල්ලක රැස්වීමක් ද පවත්වා ඇත.
එම රැස්වීමට කැබිනට් අමාත්‍යවරුන් ඇතුළු තවත් කිහිපදෙනකු සහභාගී වී තිබෙන අතර ඔවුන් කිසිවකුත් සමාජ දුරස්ථභාවයට අදාළ නියෝග හා සීමා පිළිපැද නැතැයි ඒ.පී. පුවත් සේවය වාර්තා කර තිබිණි.
රුමේනියානු මාධ්‍ය මෙම සිදුවීමට අදාළ ඡායාරූප කිහිපයක් ද ප්‍රසිද්ධියට පත් කර තිබිණි. රුමේනියානු අග්‍රාමාත්‍යවරයා සහ තවත් කිහිපදෙනකු දුම්පානය කරන අයුරු මේස මත ආහාර සහ මත්පැන් බෝතල් තිබෙන අයුරු ද එම ඡායාරූපවල දැක්විණි. ඡායාරූපයේ සිටි කිසිවකුත් මුඛ ආවරණ පැළැඳ නොසිටි බවත් ඔවුන් කිසිවකුත් සෞඛ්යාරක්ෂිත දුරස්ථභාවය පවත්වා නොගත් බවත් වාර්තා විය.
සිය උපන්දිනය යෙදී තිබුණු මැයි 25 වැනිදා මෙම ඡායාරූපය ගත් බව රුමේනියානු අග්‍රාමාත්‍යවරයා මීඩියාෆැක්ස් පුවත් සේවයට පවසා තිබිණි. රුමේනියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා සහ ආර්ථික කටයුතු අමාත්‍යවරයා ද මෙම අවස්ථාවට සහභාගී වී ඇත.
රුමේනියාවෙන් අද (31) පස්වරු වනවිට ආසාදිතයන් 19,133 දෙනකු හඳුනාගෙන තිබූ අතර එරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ ගණන 1,259ක් ලෙස දැක්විණි.
අල්ජසීරා
ඡායාරූප – රොයිටර්/ට්විටර් සමාජ මාධ්‍ය ජාලය
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න දැක්කද නීතිය සැමට සමසමව... ඒකට ලංකාව ගැන කියලා වැඩක් නැහැ.
මේ වගේ ලෝක පුවත්, මාස 6කට කලින් අපිට අහන්න ලැබුණේ නැහැ.
ඒ වුණාට අගමැතිතුමෝ, අපේ රටට ඕවා අදාල නැහැනේ... මොකද අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ ඒ ඒ පුද්ගලයාගේ බලපුළුවන්කාරකම් මතනේ... ඉතින් රටේ මේ වගේ ක්‍රමයක් ඔබතුමාගෙ රටේත් තිබුණා නම් ඔන්න ඔබතුමා ගොඩේ ගොඩ...
අපේ රටේ එහෙම නෑ. උපහාර කරනවා..
පුළුවන් නම් ලංකාවේ එහෙව් දෙයක් කරහල්ලකෝ බලන්න.
අන්න බලන්න ඒ රටවල්.... ඒකට... (එක්කෝ ඕනැ නැහැ. නිකං මොකටද අමාරුවේ වැටෙන්නේ)...
අපේ එහෙම නැහැ .. අපේ දේශපාලකයින් ඉන්නේ ගොඩක් ඉහළින්....
එහෙනම් ලංකාවෙත් මෙය සිදුවෙයි.
මියගිය ඇමති තොන්ඩමන් මහතාගේ දේහය බලන්න අගමැති රෝහලට ගිය අවස්ථාවේදී දුරස්ථභාවය ගැන DIG අජිත් රෝහණ මහත්මයාට, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්මයාට, හමුදාපති Lt .Gen. ශවේන්ද්‍ර සිල්වා මහත්මයාට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ අයවලුන් රුමේනියාවේ හිටියා නම් ඒ අගමැතිටත්, අපේ අගමැතිට වගේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
ලංකාවේ නම් තව අවුරුදු 100 කට වත් වෙන්නේ නැති වැඩක්.
කවුරුවත් බයවෙන්න එපා.. අපේ ලොකුතුමාට මුකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.. එහෙම ප්‍රශ්න දාන්න පුළුවන් ජගතෙක් මේ රටේ නැහැ. අපේ සර්වබලධාරියා එතුමායි. එතුමාට උඩින් යන්න මේ වර්ග කිලෝමීටර් 65600 ඇතුලේ කපුටෙකුටවත් බැහැ.
ඒකටත් එක්ක අපේ රටේ ඒකේ අනික් පැත්ත...
ඒ එහෙ, මේ මෙහෙ! ඇයි සෙල්ලම් පාර්ලිමේන්තුව... තොන්ඩමන්ගේ අවමගුල...!!!
එ්කට අපේ ලංකාවේ නායකයින් දෙන්නා...
ලංකාවේ නම් එහෙම නැහැ නෙවෙයි එහෙම බැහැ.
අපේ අගමැති දුම් බොන්නේ නැ... අපේ "ස" එහෙම කරන් නෑ.. "රුමේනියාවෙ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ.. තාලෙට කියවලා මේ පාරත් ගිහින් ඡන්දෙ දීලා දිනවන්න.
සිවා කියන්නකෝ එහෙනම් කවුද දිනවන්න ඕනෑ කියලා...
ලංකාව කියන්නේ විශේෂිත රටක්නේ... නීතිය නවන්න පුළුවන්නේ...