(යොහාන් භාසුර)
විදුලි ගාස්තු සංශෝධනයට අදාල මහජන අදහස් වීමසීමට මහජන උපයෝගිතා කොමිසම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද (15) පෙරවරුවේ පැවැත්වූ හමුවට පැමිණි සමාජ ක්‍රියාකාරීන් උපයෝගිතා කොමිසම විවේචනය කිරීමත් සමඟ උණුසුම් තත්වයක් ඇතිවිය.
ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කේ.වී.එස්.එම්. කුඩලිගම මහත්මිය එහිදී විදුලි ගාස්තුව සියයට 3.34 කින් ඉහළ දැමිය යුතු යැයි යෝජනා කිරීම සහ මහජන උපයෝගිතා කොමිසමේ ක්‍රියාකළාපය විදුලි පාවිච්චිකරන්න්ගේ සංමයේ ලේකම් සංජීව ධම්මික සහ එහි සභාපති එම්. ඩී. ආර්. අතුල යන මහත්වරු විවේචනය කිරීමත් සමඟ හමුව උණුසුම් විය.
එම විවේචන මහජන උපයෝගිතා කොමිසමේ සභාපති එම්. ඒ. ආර්. එම්. ප්‍රනාන්දු මහතා මහතා ඇතුළු එම කොමිසමේ නිලධාරීන් නැවැත්වීමට යෑමෙන් සංවාදාත්මක තත්වයක් ඇතිවිය.
දේශපාලන නියෝජිතයන් වන ගාමිණි වලේගොඩ, වෛද්‍ය නලින්ද ජයතිස්ස, මුජ්බර් රහුමාන් සහ පාඨලි චම්පික රණවක යන මහත්වරු ඇතුළු පිරිසක් ද විදුලි ගාස්තු වැඩි ප්‍රතිශතයකින් අඩු කළ යුතු යැයි අදහස් දැක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අපිට රාජ්‍ය සේවකයන්ගේ පවුල් නඩත්තු කරන්ඩ වෙලා තියෙන්නේ ළමයින්ගේ විදේශගත අද්යපනයට යන වියදමුත් එක්ක . මේව විසදගන්ඩ යන්නේ වර්ජන කරලා කොහොම හරි පඩි වැඩිකරගෙන . දැන් සාමාන්‍ය සුළු සේවකයත් ලමයව යවන්නේ පිටරට අද්යපනයට. ( සෞකය් /විදුලිබල /වරාය ) අනිත් රාජ්‍ය අංශය නිලදාරීන් ගැන කථා කරලා වැඩක් නැහැ .හැමදාමත් පෞද්ගලික අංශය කරන්න රාජ්‍ය අංශයේ සේවකයන්ගේ පව් ගෙවන එක .මේ කියමන රාජ්‍ය අංශයේ බහුතර සේවකයින්ට අදාලවෙනවා.ගොඩක් රාජ්‍ය අංශය නිලදාරීන් වාහන පාවිච්චි කරන්නේ රියදුරුත් එක්ක .මේකට රටේ ආරක්ෂක අංශත් ඇතුලත් .ආරක්ෂක අංශවල ඉහල පුටුවලට වෙනම ස්ලකිලි අසාමාන්‍ය විදියට .රාජ්‍ය අංශයේ වාහනයක් පාරේ ගියත් යන්නේ hone ගහගෙන light ගහගෙන .මේ මිනිස්සුන්ට පරේදීත් විශේෂත්වයක් ඕන.මේවට සල්ලි හොයන්ඩ tax වැඩි කරන්ඩ , විදුලිබිල වැඩි කරන්ඩ වෙනවම තමය් .මේක හදන්ඩ අමාරුම රටක් .
සමාජ ක්‍රීයා කාරීන් කියන හැත්ත හිතාගෙන ඉන්නේ උන් තරම් බුද්ධිමත්, උගත් මිනිස්සු රටේ තවත් නැහැ කියලා. කට නැතිනම් මුන්ව බල්ලෝ උස්සන් ගිහිල්ලා.