(රෝෂන් තුෂාර )
මන්නාරම සංවර්ධන කටයුතු පිළිබඳව දැනුවත් කිරීම සඳහා උතුරට ගිය ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ මන්නාරම රදගුරු ආචාර්ය ෆිඩෙල්ස් ලයනල් එමානුවෙල් ප්‍රනාන්දු පියතුමාට බැණ තර්ජනය කර එම සංවාදය ජනපතිවරයාගේ ප්‍රතිරූපය කෙලෙසන පරිදි සමාජ මාධ්‍යයේ ප්‍රචාරය කළේ යැයි කියන සමාජ ක්‍රියාකාරී චිරන්ත අමරසිංහට ලබන 25 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණු වෙල මහතා අද (11) නොතීසි නිකුත් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙසේ නොතීසි නිකුත් කළේය.
පසුගිය ජුනි 16 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීම සම්බන්ධයෙන් සැකකරු දුරකථනයෙන් බැන තර්ජනය කළේ යැයි පවසමින් මන්නාරම රදගුරුතුමා කළ පැමිණිල්ලක් අනුව රහස් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
සැකකරු අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තොරතුරු පළ කර ඇති බව සඳහන් කළ රහස් පොලිසිය පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට සැකකරුට අද දින අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වා තිබුනද ඔහු පැමිණ නොමැති බැවින් වරෙන්තු නිකුත් කරන ලෙස පොලිසිය ඉල්ලා සිටියේය.
සැකකරුගේ මව අධිකරණයේ පෙනී සිටීම සම්බන්ධයෙන් කරුණු විමසා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුට නොතීසී නිකුත් කරමින් අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අර ෆුල් ෆේස් හෙල්මට් සංගමයේ සභාපති නේද?
මහ ලොකු සමාජ ක්‍රියාකාරියා, මිනිස්සුන්ට බනින්න, තර්ජනය කරන්න බය නැහැ. උසාවියට එන්න කිව්වාම බයේ හැංගිලා අසරණ අම්මාව එවනවා. වයසට ගියත් අම්මට සැනසීමක් නැහැ... මෙහෙම ළමයි හැදුවාම..!
කෙලෙසන්න තරම් ප්‍රතිරූපයක් ජනාධිපතිට ඉතුරුවෙලා තියෙනවද?