(දමිත් වික්‍රමසේකර)
රුපියල් බිලියන 160 කට වැඩි හිඟ බදු මුදල් මාස හයක කාලයක් තුළ ගෙවා අවසන් කළ යුතු බවත් එසේ නොකොළහොත් බැංකු ගිණුම් සහ දේපළ අත්පත් කර ගැනීමට සිදුවන බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමාගම් 1000 ආසන්න ප්‍රමාණයකට දැනුම් දී තිබෙන බව කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පැවසුවාය.
පසුගිය වසර අවසන් වනවිට එම සමාගම් ගෙවීමට තිබූ හිඟ බදු මුදල් සම්බන්ධයෙන් මෙම දැනුම් දීම සිදුකළ බවත් ඒ සඳහා කාලය දීර්ඝ කිරීමක් ලබා නොදෙන බවත් කොමසාරිස් ජනරාල්වරිය පැවැසුවාය.
මෙම දැනුම් දීම සම්බන්ධයෙන් දැනටමත් ඇතැම් සමාගම් ප්‍රතිචාර දක්වා තිබෙන බවත් දේපළ අත්පත් කර ගනිමින් හිඟ බදු මුදල් අයකර ගැනීම සඳහා එම සමාගම් කැමැත්ත ලබාදී තිබෙන බවත් ඇය ප්‍රකාශ කළාය.ඒ අනුව එම සමාගම් ගෙවීමට ඇති හිඟ බදු මුදල් සාර්ථකව අයකර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැකිවන බව චන්ද්‍රසේකර මහත්මිය පැවැසුවාය.
බදු ගෙවීම පැහැර හැරි සමාගම් ගෙවීමට ඇති හිඟ බදු මුදල් අයකර ගැනීම සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා මේ වනවිට එම සාමාගම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙන බවද කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය ප්‍රකාශ කළාය.
මුදල් අමාත්‍යංශයේ උපදෙස් මත දේශීය අදායම් පනතෙන් ලබා දී තිබෙන උපරිම බලය යටතේ හිඟ බදු මුදල් අයකර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු කරන බව කොමසාරිස් වරිය පැවැසුවාය.
හිඟ බදු මුදල් අයකර ගැනීම සඳහා නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයා යටතේ 11 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර තිබෙන බවද චන්ද්‍රසේකර මහත්මිය ප්‍රකාශ කළාය.
බදු පැහැරහැරි සමාගම් අතර ලාභ ලබන සමාගම්ද සිටින බව දේශීය ආදායම් සේවා සංගමයේ ලේකම් එච්.ඒ.එල්. උදයසිරි මහතා පැවැසුවේය.
2025 දෙසැම්බර් මස 18
301
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
997
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සමාගම් 1000 කට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් රතු එළියක්
මුදළිගේ Sunday, 10 March 2024 01:46 PM
දේපළ පවරාගෙන හිඟ බදු මුදල් අයකර ගැනීමට සමාගම් කැමැත්ත පලකලා කියන්නේ ගෙවන්න හැකියාව නැහැ කියලා නේද? එහෙම කළොත් ඉතින් ඒ ආයතන වැසීයාමට ඉඩක් නැද්ද ආයතනයේ වැටුප් ලැබූ පිරිස් රැකියා අහිමිවෙලා අනාථයින් නොවේද සොයා බලන්න ඕනෑ...!