(ජයන්ත සමරකෝන්)
සෑම වසරකදීම කළු ජූලිය සැමරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.
එහි ප්‍රථම සැමරුම ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජූලි 27 වැනි දින පස්වරු 3.00ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ.
මේ සඳහා සියලුම දේශපාලන පක්ෂවලට ආරාධනා කරන බවද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
එවන් ඛේදවාචකයක් ඉදිරියේදී ඇති නොවීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී විද්වතුන්ගේ දේශන කිහිපයක්ද පැවැත්වෙන අතර, ජාතිවාදය පිටුදැකීම සහ ජාතීන් අතර සුහදතාව පවත්වාගෙන යාමේ අගය විමසුමට ලක්කිරීමටද නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරු.. ජාතිවාදියෙක්.. ගියමාසේ ඉල්ලුවේම මුස්ලිම් ලේනේ...
පිස්සුද උඹලට? ජනතාවගේ මුදල්වලින් නොකර ඕනෑම එකක් සමරපල්ලා. ජනතාව නුඹලාට පඩි හා අනිත් සියලු වරප්‍රසාද සඳහා ගෙවද්දී මේ වගේ පිස්සු තදවෙලා කරන වැඩවලටත් ගෙවන්නද බොලව් කියන්නේ..?
හෝද හෝද මඩේදානවා කියන්නේ මෙන්න මේ වගේ වැඩ වලට. TNA, විග්නේශ්වරන්ලා කරන්නෙත් ඕකම තමයි. සිංහල මිනිස්සුන්ගේ පිටින් ගියත් 83 සංහාරය කලේ එජාප මැරයන්. නමුත් දෙමළ දේශපාලන පක්ෂ තාමත් කඩේ යන්නේ එජාපයට. එහෙම වෙන්නේ ඇයි? අයි ඩෝන්ට් නෝ වයි!
ආයේ පටන්ගන්න හදනවා. මොවුන් තමයි යුද්දෙන් කන්න හදපු කට්ටිය. දැන් කොමිස් නැතිව කසනවා වගේ... මෙරට ඉදිරියටද? පස්සටද? මේ ගොල්ලෝ ගෙනියන්න හදන්නේ? එම අඳුරු වකවානුව මිනිසුන්ගේ හිත් තුළින් කෙමෙන් කෙමෙන් මැකී යන්න නොදී මෙරට ඉතිරිවී තියන සියලුදේ නැති කරන්න හදනවා වගේ.
කළු ජූලියේ වුනේ වැරද්දක් කියලා හැමෝම පිළිගන්නවා. නමුත් යුද අපරාධ චෝදනා අන්තවාදීන්ගේ උපක්‍රමයක් බව බහුතර මතයයි.
කලු ජූලිය කියන්නේ කේදවාජකයක්. කවුද ඒවා සමරන්නේ.
මේ මොන මගුලක් ද ? අනිවාර්යයෙන් ම ඩයස්පෝරාවෙන් සල්ලි අරගෙන . දෙමළ ඡන්ද ටිකත් දෙන්නම් කියන්න ඇති. හැබැයි ඉතින් කොහොම පිස්සු කෙළියත් ගෙදරම තමා.
සෑම වසරකදීම කළු ජූලිය සැමරීම එතකොට අප්‍රේල් 21 සමරන්නේ මොකක් කියලද? අපි එකට දාමු "මල ජූලිය " කියලා.. වැඩේ හොඳයි නේද? මේකට තමා කියන්නේ "නැණවතෙක් රජ වුණාම රට සරුවෙනවා. නූගතුන් රජ වුණාම රට වැනසෙනවා කියලා" මේ කරන්නේ දමිල ඡන්ද ටික කඩාගන්න වෙන මොන මගුලකටවත් නෙවේ. යමක් සමරන්න ඕනේ එ්කේ ගුණාත්මක දේවල් අනුව... එක ජාතියක මිනිස්සු ඝාතනය කළ දේවල් සමරනකොට ඒ මිනිස්සු අායෙත් කුපිත වෙනවා. අමතක වුණු දේවල් අවුස්සලා ජාතිවාදය ගොඩනැගලා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රටේ රජවෙන්න හදන්නේ... මේවගේ අයටද රටේ පාලනයට බාර දෙන්නේ ජනතාව..?
රාජ්‍ය තාන්ත්‍රික දැනුම ගෑවිලාවත් නැති ජනාධිපති කෙනෙක්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? ඔය ඉතිරි මාස කීපයත් මේ නාඩගම් බලමින් ඔන්න ඔහේ ඉම්මු.
මිනිසුනේ, පස්සු කෙලින්නේ නැතිව අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් වැඩක් ඇති වැඩක් කරපල්ලා.. අන්තිම මොහොතේ හරි මතක් වෙයි. සමරන්න ඕනෑ මේ රටට කරපු හොඳ වැඩ...
මේ තමයි මේ ගොල්ලන්ගේ කුණු දේශපාලනේ උපරිම මොහොත.. දැන් මේ කරන්න හදන්නේ යුද්ධයෙන් පස්සේ දෙමළ ජනතාව දිනාගන්න පුළුවන් හොඳම තුරුම්පුව තමයි මේ ගහන්නේ. එ්කට ජාතියම පාවලා දෙන්න හදන්නේ ලැජ්ජා නැතුව... දෙන්නකෝ මේ ගොල්ලන්ට ආයෙමත් බලය...
ඕකට කාස්ට් බිහේවියර් ඔෆ් වෝටර් ෆෝල් වත් සම්බන්ධ කරගන්න.
ඕකට කාස්ට් බිහේවියර් ඔෆ් වෝටර් ෆෝල්වත් සම්බන්ධ කරගන්න.
ඔය එක එක ඒවා සමරන්නේ නැතිව බැරිද අපේ ගමන සාර්ථක විදිහට යන්න...
මේ රටේ කිසිඳු දේශපාලන පක්ෂයකට කියන්න බෑ තමන් පාරිශූද්ධ බව.. හැමදෙනාම අඩු වැඩි වශයෙන් රටට විනාශය ගෙනාපු සිදුවීම්වලට දායකත්වය ලබාදීලා තියෙනවා.. එහි ප්‍රතිඵල තමා අදටත් රට අත්විඳින්නේ.. අතීතයේ යහපත් දේ සමරමු.. එහෙම නැතිව රටේ ජනතාවට අනවශ්‍ය මෙවැනි විගඩම් නවතා රට ගොඩනැගුමට හැම පක්ෂයකම නායකයන් ස්වයං විවේචනයක යෙදෙනවා නම් වැදගත් තමතමන් මේ රට පරිහානියට ලක්කිරීම උදෙසා දුන් දායකත්වය සම්බන්ධව.. එය මහගොඩක් නම්වලින් තියන හැමටම අදාලයි. එහෙම කරලා රටෙන්, ජනතාවගෙන් සමාව ඉල්ලලා. එම වැරැදි නිවැරැදි කරගෙන රට ඉදිරියට ගෙනයන්න සියලුම ජනතාව මෙහෙයවා ගෙන වැඩකිරීම තමයි මේ රටට දැන් වුවමනාව...