(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මුළු දිවයිනටම සාම විනිසුරුවරයකු ඔහුගේ සහයකයා සමග වැල්ලම්පිටිය කොහිලවත්ත දෙමහල් නිවසක නීති විරෝධී මත්පැන් පෙරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
සැකකරුවන් දෙදෙනා සමඟ පෙරන ලද නීති විරෝධී මත්පැන් ස්පීත්තු මිලි ලීටර් 22500 ක් බැරල් හතරක බහා තිබූ ගෝඩා මිලි ලිටර් 7 ලක්ෂ 56000 , අඩි 26 ක් දිග රබර් නලයක් සවි කරන ලද තඹ දඟරයක් ඇතුළු උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.
වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ මේ දිනවල දිවයින පුරා සිදුකරන යුක්තියේ මෙහෙයුමට ලැබෙන මහජන ප්‍රතිචාර වලට සමගාමීව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයට කොහිලවත්ත ප්‍රදේශවාසීන්ගෙන් ලද රහසිගත තොරතුරකට අනුව පොලිස් සැරයන් 69596 අනිල් නිලධාරියාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් අදාළ නිවස වටලා සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබීය.
74 වියේ පසුවන සාම විනිසුරුවරයා 52 පුද්ගලයකු එක්ව දෙමහල් නිවසට යාබද කාමරයක ඉතා රහසිගතව කාලයක් තිස්සේ මෙම නීති විරෝධී මත්පැන් තෝරාගත් කීප දෙනෙකුට පමණක් ලබාදී ප්‍රදේශ රැසකට බෙදා හැර ඇති බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සාම විනිසුරු කසිප්පු පෙරද්දී මාට්ටු
Perera Monday, 25 December 2023 05:19 PM
අපූරුයි... අධිකරණ අමාත්‍යාංශයෙන් සාම විනිසුරු පත්වීම් දෙන අයගේ තරම...!