IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සෑම නිවෙසකම සාමාජික තොරතුරු පොලිසියට

(ගයාන් සූරියආරච්චි)

ඡන්ද හිමි නාමලේඛනය අනුව සෑම ගෘහයකම සිටින සාමාජිකයන්ගේ විස්තර පොලිසිය වෙත ලබාගැනීමේ වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා පැවැසීය.

යම් පුද්ගලයකු පදිංචි අතහැර යන්නේ නම් හෝ අලුතින් නිවෙසකට පදිංචියට පැමිණෙන්නේ නම් එම පුද්ගලයන්ගේ තොරතුරු සියල්ල ප්‍රජා පොලිස් කමිටු මගින් පොලිසියේ වාර්තා විය යුතු බව පොලිස්පතිවරයා කීය.



අදහස් (17)

සෑම නිවෙසකම සාමාජික තොරතුරු පොලිසියට

ගිහාන් Thursday, 18 January 2024 05:22 PM

බොරු මාධ්‍ය සංදර්ශන එපා... කුඩු නවත්තන්න ඕනේ නම් රට ඇතුලට කුඩු ගේන මහා පරිමාන ජාවාරම්කාරයෝ දහ පහලොස් දෙනා අල්ලලා එල්ලුම් ගස් යවන්න.

:       4       82

de silva Thursday, 18 January 2024 06:28 PM

මේක රටේ ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කිරීමක්, පොලිසියට එවැනි බලතල ව්‍යයස්ථාව අනුව නැත..! 

:       9       74

අරවින්ද මොනරවිල Thursday, 18 January 2024 07:27 PM

මෙයා හදන්නේ මුළුරටම හිර ගෙයක් කරන්න, එහෙම කරලා හොරුන්ට, අපරාධකරුවන්ට නිදහසේ ඉන්න පුළුවන් රටක් හදන්නයි. අපි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි වෙලා ඉන්නේ, ඊට අමතරව මැතිවරණ කොමසාරිස් කාර්යාලයේත් ලියාපදිංචි වෙලා ඉන්නේ. ඒ සියලු විස්තර තියෙනවා ග්‍රාමසේවක කාර්යාලයේත්, ඒ නිසා තව මොකටද ලංකාවේ දූෂිතම ආයතනය වෙන පොලිසියේ ලියාපදිංචි වෙන්නේ...!

:       7       79

Suranga Friday, 19 January 2024 05:51 AM

මේ අදහස ඉතාමත් නිවැරදියි .ඇත්තටම ග්‍රාම නිළධාරි ළග වසමේ සියලු තොරතුරු තියෙනවා. ඔවුන්ටත් පොලිස් බලතල තියෙනවා .එහෙම තියෙද්දි පොලිසියට අත්‍යාවශ්‍යම අවස්තාවක රාජකාරි මට්ටමෙන් ග්‍රාම නිළධාරින් වෙතින් තොරතුරු බලාගන්න පුළුවන් ඉතින් අමතරව ජනතා මුදල් අධිකව නාස්ති කරමින් අමතරව නිළධාරි යොදාගෙන (දැනට සිටින පිරිසත් පොලිස් රාජකාරි සදහා ප්‍රමාණවත් නැහැ ) නැවතත් තොරතුරු එකතුකිරීම අනවශ්‍යම දෙයක් කියන්න පුළුවන්

:       0       14

SachithFriday, 19 January 2024 11:40 AM

අනිවාර්යයෙන්ම ,ඉන්න පාලකයා සපත්තු ලෙවකන දේශබන්දු ගේ වැඩ ගැන බැලුවම මේක තමා කරන්න යන්නේ

:       0       15

IRohana Thursday, 18 January 2024 08:31 PM

මම මේ කල්පනාකලේ මෙයාට පොලිස්පති තනතුර ලබාගන්න දඟලන හැටි. TV ප්‍රවෘත්ති කාලයෙන් හැමදාම මාධ්‍ය සංදර්ශන සඳහා සෑහෙන කාලයක් වෙන්කරගෙන. අහලාම එපාවෙලා දැන්...!

:       8       59

බණ්ඩා Thursday, 18 January 2024 09:20 PM

දේශබන්ධු සහ ටිරාන් අලස් එකතුවී රටේ ව්‍යවස්තාව උල්ලංඝනය කරමින් නටන්න හදන මේ නාඩගම වහා නවතා දැමිය යුතුයි.

:       0       18

nihal Friday, 19 January 2024 12:55 AM

ඔයා තව ටික දවසයි ඉන්නේ... රාජපක්ෂලාත් සමග ඔයාලාත් එළියේ...!

:       0       14

chandima Friday, 19 January 2024 06:25 AM

සැම පුරවැසියෙකුටම රටේ ඕනෑම තැනක වාසය කරන්න වැඩ බලන්නන්ගෙන් අවසර ගන්න ඕනද ?කොහෙද එහෙම නීතියක් තියෙන්නේ ?අරුන් දේශීය හතලිහ අපට හොර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් වත් ගෙනල්ලද ?

:       0       11

#NorRetunRanil Friday, 19 January 2024 07:18 AM

ජනාධිපති වගේ, IG වගේ. #NorRetunRanil, කරුණාකර මෙය සියලුම මාධ්‍ය ආයතන හරහා බෙදා හරින්න. IG ඔහුගේ සංදර්ශනයේ සිටින අතර, ජනාධිපතිවරයා ඔහුගේ දීර්ඝතම මධුසමය ගත කරයි. එයාට ආපහු ලංකාවට එන්න දෙන්නෙ නෑ.

:       0       12

Perera Friday, 19 January 2024 07:29 AM

ස්ථිර පත්වීම ගන්න මූ දඟලන දැඟලිල්ලක්

:       1       15

Kazi Shajahan Friday, 19 January 2024 07:42 AM

හරි අර්ජුන් මහේන්ද්‍රන් අල්ලල පෙන්නන්ඩකො

:       0       9

Bamunuarachchi Friday, 19 January 2024 12:23 PM

දැනටමත් තිබෙනවා. මම ඒ කාලේ විස්තර දුන්න.

:       3       4

Damitha Friday, 19 January 2024 03:26 PM

මේ කියන්නේ පොලිසියට අධිකරණයට එහා ගිය බලයක්. නිදහස් පුද්ගලයෙකුගේ පුද්ගලික තොරතොරු අධිකරණ අවසරයකින් තොරව පොලිසියට බලෙන් ගන්න බැහැ. ලංකාවේ උපන් පුද්ගලයකුට නිදහසේ තමන් කැමැති ඕනෑම ස්ථානයක ජීවත් වෙන්න පුළුවන්... මෙහෙම ගියොත් අම්මා, තාත්තා, නැන්දා, මාමා, අයියා, අක්කා ගෙදර ගිහිල්ලා අපිට ඕනෑ කාලයක් අපිට ඉන්න බැහැ...

:       0       8

Rasika Friday, 19 January 2024 03:32 PM

පොලිස් ලොක්කා රාජ්‍ය බලය අල්ලලා ජනාධිපති වෙන කුමන්ත්‍රණයක් වත්ද අලුතින් ගෙයක් හදලා රටේ ඕනෑම තැනක ඕනෑම කෙනෙකුට පදිංචි වෙන්න පොලිසියට කියන්න ඕනේද අවසර ගන්න...!

:       0       4

thushari Priyanka Friday, 19 January 2024 03:43 PM

ග්‍රාම නිළධාරි ළග වසමේ සියලු තොරතුරු තියෙනවා. එහෙම තියෙද්දී පොලිසියට අත්‍යාවශ්‍යම අවස්තාවක රාජකාරි මට්ටමෙන් හෝ අධිකරණ අවසරයකින් ග්‍රාම නිලධාරින් වෙතින් තොරතුරු බලාගන්න පුළුවන්... දෙකයි පනහේ පොලිස් කාරයෝ කවදාවත් ගොඩවෙන්න බැරි ගෙවල්වලට රෑ දෙගොඩ බිරිඳ ගැහැණු ළමයි නිදි ඇඳුමින් ඉන්න කොට රිංගලා පුස් ෂෝ දාන්න මග පෑදෙන වැඩක් මේක...

:       1       4

lalith Friday, 19 January 2024 04:00 PM

ඊට ඉස්සෙල්ලා අඩු මිලට කැරට් විකුණන වෙළඳුන්ගේ නම් ලැයිස්තුවක් කරලා දෙනවා නම් වටිනවා. ජනතා මුදල් අධිකව නාස්ති කරමින් නැවත තොරතුරු බොරුවට එකතු නොකර, ග්‍රාම නිලධාරි ළඟ වසමේ සියලු තොරතුරු තියෙනවා...!

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 42 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 130 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 929 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site