(ගයාන් සූරියආරච්චි)
ඡන්ද හිමි නාමලේඛනය අනුව සෑම ගෘහයකම සිටින සාමාජිකයන්ගේ විස්තර පොලිසිය වෙත ලබාගැනීමේ වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා පැවැසීය.
යම් පුද්ගලයකු පදිංචි අතහැර යන්නේ නම් හෝ අලුතින් නිවෙසකට පදිංචියට පැමිණෙන්නේ නම් එම පුද්ගලයන්ගේ තොරතුරු සියල්ල ප්‍රජා පොලිස් කමිටු මගින් පොලිසියේ වාර්තා විය යුතු බව පොලිස්පතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු මාධ්‍ය සංදර්ශන එපා... කුඩු නවත්තන්න ඕනේ නම් රට ඇතුලට කුඩු ගේන මහා පරිමාන ජාවාරම්කාරයෝ දහ පහලොස් දෙනා අල්ලලා එල්ලුම් ගස් යවන්න.
මේක රටේ ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කිරීමක්, පොලිසියට එවැනි බලතල ව්‍යයස්ථාව අනුව නැත..!
මෙයා හදන්නේ මුළුරටම හිර ගෙයක් කරන්න, එහෙම කරලා හොරුන්ට, අපරාධකරුවන්ට නිදහසේ ඉන්න පුළුවන් රටක් හදන්නයි. අපි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි වෙලා ඉන්නේ, ඊට අමතරව මැතිවරණ කොමසාරිස් කාර්යාලයේත් ලියාපදිංචි වෙලා ඉන්නේ. ඒ සියලු විස්තර තියෙනවා ග්‍රාමසේවක කාර්යාලයේත්, ඒ නිසා තව මොකටද ලංකාවේ දූෂිතම ආයතනය වෙන පොලිසියේ ලියාපදිංචි වෙන්නේ...!
මම මේ කල්පනාකලේ මෙයාට පොලිස්පති තනතුර ලබාගන්න දඟලන හැටි. TV ප්‍රවෘත්ති කාලයෙන් හැමදාම මාධ්‍ය සංදර්ශන සඳහා සෑහෙන කාලයක් වෙන්කරගෙන. අහලාම එපාවෙලා දැන්...!
දේශබන්ධු සහ ටිරාන් අලස් එකතුවී රටේ ව්‍යවස්තාව උල්ලංඝනය කරමින් නටන්න හදන මේ නාඩගම වහා නවතා දැමිය යුතුයි.
ඔයා තව ටික දවසයි ඉන්නේ... රාජපක්ෂලාත් සමග ඔයාලාත් එළියේ...!
සැම පුරවැසියෙකුටම රටේ ඕනෑම තැනක වාසය කරන්න වැඩ බලන්නන්ගෙන් අවසර ගන්න ඕනද ?කොහෙද එහෙම නීතියක් තියෙන්නේ ?අරුන් දේශීය හතලිහ අපට හොර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් වත් ගෙනල්ලද ?
ජනාධිපති වගේ, IG වගේ. #NorRetunRanil, කරුණාකර මෙය සියලුම මාධ්‍ය ආයතන හරහා බෙදා හරින්න. IG ඔහුගේ සංදර්ශනයේ සිටින අතර, ජනාධිපතිවරයා ඔහුගේ දීර්ඝතම මධුසමය ගත කරයි. එයාට ආපහු ලංකාවට එන්න දෙන්නෙ නෑ.
ස්ථිර පත්වීම ගන්න මූ දඟලන දැඟලිල්ලක්
හරි අර්ජුන් මහේන්ද්‍රන් අල්ලල පෙන්නන්ඩකො
දැනටමත් තිබෙනවා. මම ඒ කාලේ විස්තර දුන්න.
මේ කියන්නේ පොලිසියට අධිකරණයට එහා ගිය බලයක්. නිදහස් පුද්ගලයෙකුගේ පුද්ගලික තොරතොරු අධිකරණ අවසරයකින් තොරව පොලිසියට බලෙන් ගන්න බැහැ. ලංකාවේ උපන් පුද්ගලයකුට නිදහසේ තමන් කැමැති ඕනෑම ස්ථානයක ජීවත් වෙන්න පුළුවන්... මෙහෙම ගියොත් අම්මා, තාත්තා, නැන්දා, මාමා, අයියා, අක්කා ගෙදර ගිහිල්ලා අපිට ඕනෑ කාලයක් අපිට ඉන්න බැහැ...
පොලිස් ලොක්කා රාජ්‍ය බලය අල්ලලා ජනාධිපති වෙන කුමන්ත්‍රණයක් වත්ද අලුතින් ගෙයක් හදලා රටේ ඕනෑම තැනක ඕනෑම කෙනෙකුට පදිංචි වෙන්න පොලිසියට කියන්න ඕනේද අවසර ගන්න...!
ග්‍රාම නිළධාරි ළග වසමේ සියලු තොරතුරු තියෙනවා. එහෙම තියෙද්දී පොලිසියට අත්‍යාවශ්‍යම අවස්තාවක රාජකාරි මට්ටමෙන් හෝ අධිකරණ අවසරයකින් ග්‍රාම නිලධාරින් වෙතින් තොරතුරු බලාගන්න පුළුවන්... දෙකයි පනහේ පොලිස් කාරයෝ කවදාවත් ගොඩවෙන්න බැරි ගෙවල්වලට රෑ දෙගොඩ බිරිඳ ගැහැණු ළමයි නිදි ඇඳුමින් ඉන්න කොට රිංගලා පුස් ෂෝ දාන්න මග පෑදෙන වැඩක් මේක...
ඊට ඉස්සෙල්ලා අඩු මිලට කැරට් විකුණන වෙළඳුන්ගේ නම් ලැයිස්තුවක් කරලා දෙනවා නම් වටිනවා. ජනතා මුදල් අධිකව නාස්ති කරමින් නැවත තොරතුරු බොරුවට එකතු නොකර, ග්‍රාම නිලධාරි ළඟ වසමේ සියලු තොරතුරු තියෙනවා...!