
(නිමල කොඩිතුවක්කු)
අන්ධකාර සමය නිමා වී, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සෞභාග්‍ය සම්පන්න දීප්තිමත් අනාගතයක් උදෙසා අධිෂ්ඨානශීලිව පෙළ ගැසීමේ ශක්තිය රටේ සමස්ත පුරවැසි පරපුරට ලැබේවායි ප්‍රාර්ථනා කරන බව සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
ස්වයංපෝෂිත ආර්ථික රටාවක් පැවති රටේ මේ වන විට කඳුළු සලන පාරාදීසයක් බවට පත්ව ඇති බවත් පවුලේ සියලු දෙනා එක්ව සතුටින් සාමයෙන් සහ සැනසිල්ලෙන් අලුත් අවුරුද්ද සැමරීමේ අවස්ථාව පවා වසර කිහිපයක සිට අහිමි වී ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරයි.
වසර කිහිපයක් මුළුල්ලේ ලක්වාසී ජනතාවට අලුත් අවුරුදු උදාවූයේ අභියෝග රැසක් මධ්‍යයේ වුවත් සමස්ත ජනතාවගේ එකම බලාපොරොත්තුව වන්නේ රටට, ජනතාවට සෞභාග්‍යය හා නීරෝගිමත් භාවය ප්‍රාර්ථනා කිරීම බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් තවදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
481
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෞභාග්‍ය සම්පන්න අනාගතයක්