(විමල් කිර්ති)
විශ්‍රාමික හමුදා සාමාජිකයන් ඇතුළු ශ්‍රී ලංකිකයන් රුසියාවේ හමුදා සේවයට යැවීමේ මිනිස් ජාවාරමට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි විශ්‍රාමික මේජර් ජනරාල්වරයා ඇතුළු සැකකරුවන්ට ඇප ලබාදීම ප්‍රතික්‍ෂේප කළ මිගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා ඔවුන් මෙම මස 30 දින දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අද 16 දින නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබූවේ කුරුණෑගල, වාරියපොළ මහනුවර කුරුණෑගල ප්‍රදේශවල පදිංචිකරුවන් වන විශ්‍රාමික මේජර් ජෙනරාල් රණරාජා රණවක, විශ්‍රාමික සාර්ජන් මේජර් රම්‍යසිරි විජේසිංහ, විශ්‍රාමික මේජර් විජය බණ්ඩාර සහ හේරත් මුණසිංහ සහ බන්දුල විජේසිරි යන සැකකරුවන්ය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හොයමු මෙතන NPP පැත්තෙ රණවිරුවො ඉන්නවද කියල සේරටම කලින්, එතන තමයි අවුල,