(ඩයනා උදයංගනී)
සුබසාධක ප්‍රතිලාභ ලබාදීමේදී වඩාත් සුදුස්සන්ට එය ලබාදීමට හැකිවන පරිදි 2002 අංක 24 දරණ සුබසාධක ප්‍රතිලාභ පනතේ විධිවිධාන යටතේ සුභසාධක ප්‍රතිලාභ ගෙවීමේ නියෝග පැනවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ජනසවිය, සමෘද්ධි ප්‍රතිලාභ ලබාදීමේදී අතීතයේ සිටම විවිධ අක්‍රමිකතා සිදුව ඇති බවත්, එම ප්‍රතිලාභ සත්‍ය වශයෙන්මලැබිය යුත්තන්ට හිමිනොවීම හා සුදුස්සන් නොවන පිරිසකට ප්‍රතිලාභ ලැබීම සිදුව ඇති බවත් කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
දේශපාලනික වශයෙන් උදව් කළ පාක්‍ෂිකයන්ට ප්‍රතිලාභ ලබාදුන් අවස්ථා මෙන්ම පෞද්ගලික හේතු මත ලැබිය යුත්තන් කපාහැරීම් ද සිදුව ඇති බව ඇමතිවරයා සඳහන් කළේය.
අපේ රටේ ආර්ථික දුෂ්කරතාවන්ට පත්ව සිටින ජන කොටස්වලට රජය ප්‍රතිලාභ ලබාදීමට නිවැරදි ලෙස ප්‍රතිලාභීන් හඳුනාගැනීම සඳහා වන නීති ඇතුළත් සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ 2022 ඔක්තෝබර් 20 දින අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළ සත්‍ය වශයෙන්ම ප්‍රතිලාභ ලැබීමට සුදුස්සන් තෝරාගැනීමේ ක්‍රමවේදයක් ඇතුළත් නියෝග පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම වෙනුවෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට මෙම අනුමැතිය හිමිව ඇත.
COMMENTS