(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍ය පිඨයේ දෙවැනි වසරේ ඉගනුම ලබන සිසුවියකට සහ සිසුන් දෙදෙනකුට පහර දිමෙිි සිද්ධියට සමිබන්ද ව අද (14) අත්අඩංගුවට ගත් තවත් ජේෂ්ඨ සිසුන් 06 දෙනා බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරිමෙන් පසු හෙට (15) දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් හේෂානි රොද්‍රගෝ මහත්මිය අද (14) දා නියෝග කළාය.
ඉකුත් 09 වැනිදා රාත්‍රියේ අාපනශාලාවෙිදි එම පහර දිම සිදු කර තිබුණ අතර එහිදී පහර කැමට ලක් වු සිසුවියක සහ සිසුන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කල සමනල වැව පොලිසිය සදහන් කළේය.
එම සිද්ධියට සමිබන්ද තවත් ජේෂ්ඨ සිසුන් 07 කු මිට පෙර අත්අඩංගුවට ගෙන බලන්ගොඩ අධිකරණට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර එම සිසුන් 07 දෙනාද අද (14) දා නැවත බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරිමෙන් පසු හෙට (15) දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් හේෂානි රොද්‍රගෝ මහත්මිය නියෝග කලාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd