
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සබරගමු විශ්ව විද්‍යාලයේ නව පුස්තකාල ගොඩනැගිල්ල ඉදි කිරීමෙදි සිදුවී ඇති අක්‍රමිකතා හේතුවෙන් රුපියල් කෝටි තුනක පමණ පාඩුවක් සිදුව ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණයවිය.
කොන්ත්‍රාත්කරු ගිවිසුම්ගත වැඩ පැහැර හැර ඉදිකිරීම් වැඩ නවතාදමා තිබියදී අත්තිකාරම් බැඳුම්කරය මුදල් කර නොගැනීම හේතුවෙන් මෙම පාඩුව සිදුව ඇති බව කෝප් කමිටුව පවසයි.
මෙම තොරතුරු අනාවරණය වූයේ . ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයයේ 2023 මූල්‍ය වර්ෂයේ විගණකාධිපති වාර්තාව සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 04 වැනි දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
තවද රුපියල් කෝටි දොළහකට වැඩි මුදලක් වැයකර විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාපිටිය සහ ක්‍රීඩාගාරය ඉදිකර තිබුණත් ක්‍රීඩාපිටියේ ජලය රැඳී තිබීම ,බොරළු මිශ්‍ර පස් සේදී යෑම නිසා මතුපිට රළු ස්වභාවයක් ගැනීම හා පැති බැම්ම පුපුරා යෑම ආදී ගැටලු රැසක් 2014 වසරේදී පැන නැගී තිබු බව විගණන කාර්යාලය පෙන්වා දී ඇතැයි කෝප් කමිටුව පවසයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදු කරපටි පමණක් නොවේ... රජයේ සියලුම ආයතනවල මුදල් පරිපාලනය මහා භාන්ඩාගාරය වෙත පවරාගෙන, රාජ්‍ය ප්‍රසම්පාදන සහ සැපයීම් දෙපාර්තමේන්තුවක් ඇති කළ යුතුයි.
සාමාන්‍ය ජනතාව සිතන්නේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය දැනුමැති, දක්ෂ හා ඉතා දක්ෂ බවයි. මගේ අත්දැකීම නම්, මේවා වඩාත්ම යල් පැන ගිය සහ ප්‍රායෝගික නොවන පිරිසකි. පළමුවෙන්ම, ඔවුන්ට අධ්‍යාපනය ලබා දී පුහුණුව ලබාදිය යුතුයි. උදාහරණයක් ලෙස, රුපියල් මිලියන 22 කට අඩු මුදලකට මෘදුකාංග යෙදුමක් සංවර්ධනය කරන ලද අතර ඔවුන් තක්සේරු කර මෙම මෘදුකාංග සංවර්ධන ව්‍යාපෘතිය විශ්ව විද්‍යාලයක අවසාන වසරට ලබා නොදෙන්නේ මන්දැයි විමසූහ. මෙය ලබා දුන්නේ නම්, මිලියන 22 ක් ඉතිරි වේ!
ඉදිකිරීම් අත හැරලා ගියා නම් අය කරගන්නේ කාර්ය සාධන ඇපකරය. අත්තිකාරම් ඇපකරය ගන්නේ ඉදිකිරීම් පටන් ගන්න පෙර අත්තිකාරමක් ගන්න එකට ඒකේ අගය එක් එක් බිලෙන් අඩු කර ගන්නවා. අත්තිකාරම් ඇපකරය අය කරගත්තේ නෑ කියලා මේ කියන්නේ එතකොට කරපු වැඩ වලට කොච්චර ගෙවලද? ගෙවන්න තියෙනවද? ඒක ගණනය කරලා බලන්නෙ නැද්ද?