(අංජුල මහික වීරරත්න)
මහජන වැඩට තියෙන මුදල් තැන්පත් ගිණුම් වල රඳවා ගෙන සිටීම අපරාධයක් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තමා පෙන්වා දුන් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) මාධ්‍ය හමුවකදී පැවසීය.
සැබෑ අපරාධය තැන්පත් ගිණුම් වල මුදල් ඉවත් කිරීම නොව තැන්පත් ගිණුම් වලට මුදල් රඳවාගෙන සිටීම බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදීය.
කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ දී මෙම මාධ්‍ය හමුව පැවැත්වුණු අතර එහිදී රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
අල්ලස් කොමිසමේදී මා ප්‍රකාශයක් දුන්නා. චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අප්‍රේල් 10 වැනිදා මා කළ මාධ්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීමට කැඳවා තිබුණා. අවුරුදු සතියේ කොළඹ නොසිටි නිසා එහි පැමිණිය නොහැකි බව සඳහන් මා මුලින් ඔවුන්ට සඳහන් කළා. මොකද අපි සිංහල අවුරුද්ද ගන්නවනේ. ආණ්ඩුවේ පැත්තෙන් සිංහල අවුරුද්ද තියෙනවද කියලා මම දන්නේ නැහැ. ඒත් අපිට තියෙනවනේ. ඒ වගේම මගේ නීතිඥ මහත්තයා රට ගිහින් තිබුණා. ඒ බව කියා තිබියදී මට දෙවැනි ලියුමකුත් ආවා. තමා විදේශගතව සිටින බව කියා මගේ නීතිඥයා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් වරයාට ලිපියකුත් එවා තිබුණා.කෙසේ වෙතත් අප්‍රේල් 21 වෙනිදා අල්ලස් කොමිසම නැවත මා වෙත ලිපියක් එවමින් 25 වැනිදා එන්නැයි කියා තිබුණා. 27 වැනිදා වෙන තුරු මගේ නීතිඥයා කොළඹ නැතැයි දන්වා තිබියදීත් මට එන්නැයි කීම ගැන මා පුදුමයට පත්වුණා.
මා අප්‍රේල් 21 වෙනිදා දක්වා කොළඹ රැඳී නොසිටින බවට දක්වන හේතුව සාධාරණ හේතුවක්ද කියා වැඩිදුර විමර්ශනය කරන බව ද ඔවුන් දක්වා තිබුණා.මේ අනුව මම සැකකාරයෙක් බවත් අපරාධයක් සිදු කරන තිබෙන බවත් ඒ නිසා නීතිඥවරයා මා ළඟ සිටිය යුතු බවත් මා දැනුම් දුන්නා.ඔවුන් පැවසූයේ නීතිඥයා අවශ්‍ය නොවන බවයි.
25 වැනිදාත් මට අල්ලස් කොමිසමෙන් ලිපියක් ලැබී තිබුණා.එම ලිපියේ සඳහන්ව තිබුණේ මා අදාළ සිද්ධියට අනවශ්‍ය ලෙස මැදිහත්වීම යන කාරණයයි.ඒ කතාව අනුවත් අපරාධ පරීක්ෂණයකට මුහුණ දෙන්නට තිබෙන නිසා නීතිඥයෙක් අවශ්‍ය බව මා දැනුම් දුන්නා.
ඒ වගේම මෙම ආයතනයට හැමදාම මිනිස්සු කැඳවනවා.මා එන විට පමණක් මාධ්‍යයට දැනුම් දෙන බවත් මා සඳහන් කළා.එමෙන්ම එහි තිබෙන ලිපිගොනු පිට අයට පෙන්වන එකටත් මා විරුද්ධ වුණා. එම ලිපි ගොනු පෙන්වුයේ කාටදැයි කොමිසම මගෙන් ඇහුවා.ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අප්‍රේල් 11 දා මඩකලපුවේදී කළ කතාව මා ඔවුන්ට ගෙන හැර දැක්වූවා.මා අල්ලස් කොමිසමට යැවූ කරුණු ඔහු එහි ප්‍රකාශ කර තිබුණා.
ඒ කියන්නේ කොමිසමේ ලිපි ජනාධිපතිතුමාගේ කාර්යාලයෙන් අරගන්නවා කියන එකද?මේ තත්ත්වය යටතේ තමාට සාධාරණයක් ඉටුවේදැයි නොදන්නා නිසා නීතිඥයන් සමඟ කොමිසම හමුවේ පෙනී සිටිය යුතු බව මා දැනුම් දුන්නා.කොමිසමට දැන්වූ දේවල් ජනාධිපති කතා කරන්නේ කොහොමද?
මේ රටේ පළාත් සභා, මහ ආණ්ඩුවට මුදල් යොදවන්න පුළුවන් වන්නේ විසර්ජන පණතේ නීතිය අනුව බව මා කොමිසම හමුවේ සඳහන් කළා.වියදම් කළ හැකි මෙන්ම ණයට ගන්න සම්පූර්ණ ප්‍රමාණය එහි තිබෙනවා.එය වියදම් කිරීමේදී වියදම් කළ යුත්තේ මොන අංශ වලටද කියාත් එහි තිබෙනවා.පුනරාවර්තන වියදම් ද ප්‍රාග්ධන වියදම් ද කියා දැක්විය යුතුව තිබෙනවා.
නොයෙක් ව්‍යාපෘති යටතේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, වැඩසටහන් වලට මේ මුදල් යොදවන්න පුළුවන්.තැන්පත් ගිණුමක දාන්න පුළුවන් වන්නේ එකතු වුනොත් විතරයි.පාර්ලිමේන්තුවේ හෝ පළාත් සභාවේ විසර්ජන පනතකින් ඉඩ දෙන්නේ නැතිනම් එය තැන්පත් ගිණුම් වල දාන්න බැහැ.අදාළ අවුරුදු වල මහ ආණ්ඩුවේ නම් තැන්පත් ගිණුම් වල දාන්න ඉඩ දෙන්නේ නැහැ.මේ මුදල් දෙන්නේ වියදම් කරන්න. එවිට ඒ මුදල් ආර්ථිකයට යනවා.ආර්ථිකය නගින්නේ ඒ මුදල් ආර්ථිකයට ගිය විටයි.මේ මුදල් ඔක්කොම අරගෙන තැන්පත් ගිණුම් වල දැම්මාම වෙන්නේ මොකක්ද?මේ මුදල් දෙන්නේ ආණ්ඩුවේ වැඩ කටයුතු කරන්න.
එවෙලේම මුදල් ඒ වැඩ කටයුතු වලට යෙදවිය යුතුයි.ජනතාව ගෙවන මුදල් කවුරු හරි අරගෙන තැන්පත් ගිණුම් වල දැමීම හරිද?
මේ තියෙන මුදල් ඔක්කොම පිට කොටුවට ගිහින් වැඩි පොලියට නුදුන්න එකට මෙහෙම ගියොත් භාණ්ඩාගාරයේ ලේකම්ටත් නඩු දාන්න වන බව මා කිව්වා.ආණ්ඩුව වියදම් කරන්නේ නැතිනම් ආර්ථිකය ගෙනියන්නෙ කොහොමද?මුදල් නැතිනම් ණය ගෙන හෝ පඩි ගෙවන්න වෙනවා.තැන්පත් ගිණුම් වල කාලය අවසන් වනතුරු පඩි ගෙවීමත් කල් දාන්න කියලද කියන්නේ.
මට පේන හැටියට තැන්පත් ගිණුම් වල මුදල් ඉවත් කිරීම අපරාධයක් නෙමෙයි.අපරාධය තිබෙන්නේ තැන්පත් ගිණුම් වලට මුදල් දාන එකයි.
අපි වියදම් පියවන්න කියා මුදලක් දුන්නොත් එයින් වියදම් ගෙවන්නේ නැතුව තැන්පත් ගිණුමක දැම්මොත් වන්නේ කුමක්ද?
මේ සම්බන්ධයෙන් මා හොඳින් පැහැදිලි කළා.අනෙක ඉතිරි කිරීමේ බැංකුව වාණිජ බැංකුවක් නෙමෙයි.අනෙක් බැංකු දෙක වාණිජ බැංකු.මා ඒ කරුණු සියල්ල ඒ අයට දැනුම් දුන්නා යැයි හිටපු ජනාධිපතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා කියන්නේ ප්‍රශ්නයට උත්තර නෙවෙයි වෙන බයිලා, එහෙම නම් තැන්පතු දාපු එකට වෙනම පරීක්ෂණයක් නොකළේ ඇයි..?
හොර පොල් කඩන්න ගහේ ගිය මිනිහටත් නිදහසට කරුණු කියන්න තියෙනවා! තණ කොළ නෑ ගහ මුදුනේ ඒකයි බසට බහින්නේ!!!
ඔක්කොටම ඉස්සර පච අන්දරේට රටේ නීතිය උගන්වන්න ඕනෑ. ඒ මිනිහා හංදියක් හංදියක් ගානේ පච කියව කියවා ඇවිදින්නේ නැතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවා ගත්තා නම් මේ වගේ විකාර වැඩ කරන්නේ නෑ. රටේ අවාසනාව...
සීයට කියලා නාගත්තා නෑමක් ලොවෙත් නැති වෙන්න. දැන් මට කඩේ යන කට්ටිය කෙඳිරි නම් ගාන්න එපා. හහ් හහ් හා...
ඒකනෙ සීයා මහ බැංකුවත් සුද්ද කරලා දැම්මේ...
මෙයා මුදල් ඇමති කාලෙ ආණ්ඩුවේ සල්ලි වලට කරපු දේ දැන් පැහැදිලි යි . මහ බැංකු අපි කිව්වේ හොරකම කියල.. එයා මේ විදියට කියන්නේ හරි කියල. මුදල් විශුද්ධිකරණය සාධාරණය කියල තමා මේ කියන්නේ .
අනේ නිකන් යන්න හලෝ යන්න
ඒක වෙන්න ඇති මහ බැංකුවම හොරා කෑවේ ?
ඒක වෙන්න ඇති අර්ජුන මහේන්ද්‍රන් දාලා මහ බැංකුවම හොරා කෑවේ ?
මේ ගැන අපි ආර්ථික ඕස්ථාර්ලාගේ කියුම් දෙස බලමු. හැමෝටම දැනගන්න ආර්ථික පාඩමක් වෙවි. පක්ෂ වශයෙන් මෙහි ලිය ලිය ඇලලෙන්න එපා.
රනිල් අල්ලස් කොමිසමට ගිහින් නීතිය උගන්නල ඇවිත්.
මහ බැංකු බැදුම්කර මුදල් වංචා කරපු, අර්ජුන මහෙන්ද්‍රන් අල්ලා ගන්ඩ බැරි කම,සමහරවිට රැකගන්නවද කියන්ඩ බැහැ. ඒකත් මහා අපරාධයක් තමා.
ඔබ තුමාට ජය වේවා, මුන් දන්න ආර්ථිකයක් නෑ.
ඒක තමයි මම මගේ අර වෙඩින් එකකට ගිහිල්ල එන්න ටිකක් පරක්කු යාලුවට උපදෙස් දුන්නේ බැංකුවේ සල්ලි තියන්න එපා කියල.
ඒක වෙන්න ඇති මහ බැංකුවෙ තිබුන මුදලුත් එලියට ඇද්දෙ!
ඒක අපි දන්නැතුවයැ, මෙයාට බැංකු ඇතුලෙ තියෙන සල්ලි පේන්න බැහැ එලියට අදිනවා. හරියට අර මහ බැංකුවෙ වගේ!
ප්‍රශ්නෙකට තියෙන්නෙ, පගාවක් ඉල්ලල නොදුන්නම ඒක මතක්වෙච්චි එකනේ මුත්තේ…!
ඒකනේ සිංගප්පූරු . පුරවැසි අතිජාත මිත්‍රයා ගෙනැත් මහ බැංකැවේ අධිපති සුපිරි ගේමක් දුන්නේ෴
මම වාමාංශික වුනත් ආර්ථික විද්‍යා ගුරුවරයෙක් විදියට රනිල්ගේ කතාවට එකඟයි. රනිල්ට විරුද්ධව නඩු දැම්මත් වැඩක් නෑ. අල්ලස් කොමිසම අසූචි හත් පොළේ ගා ගන්නවා වැරදි දේශපාලනික උපදෙස් නිසා.
හොරුන්ට මග පෙන්වීම තව එකක්.
සීයා බයවෙලා වගේ.... (බලය ලැබුන වෙලාවේ ,නහර කඩාගෙන රාජපස්සලට එලියට බහින්න කැප වුනාට , තමන් හිර වුන වෙලාවට ඒ එකෙක්වත් ආවේ නැහැ නේද සියේ...?)
අද අපි කරන්නේ නීතිය බලුවලිගේ දාගෙන පච හලන එක
මෙයා කොහොමත් බැංකුවට ගේමක් දෙන්න උපං හපං පොරක් නේ .අර අර්ජුන් මහේන්ද්‍ර තාම මගුල් ගෙදර ගිහිං ආවෙ නැතෙයි ..ලංකාවේ මා බේකර්
ඒක හින්දා වෙන්න ඇති මගුල්ගෙදර ගිය යාළුවට කියලා මහබැංකුවටම කෙලියෙ?
මේ මිනීමරු,හොර , නාකි සමනලයා කියනවා සල්ලි බැංකුවල තිබෙන එක අපරාධයක්ලු. ඒක නිසා වෙන්න ඇති මේ වල් පරයා උගේ සමලිංගික සහකරුවෙක් වන අර්ජුන් මහේන්ද්‍රන් එක්ක එකතුවෙලා මහා බැංකුවේ තිබුන සල්ලි වලට කෙලියේ. මුගේ උද්දච්ච කතා ඇහුවම මේකාව පනපිටින්ම හම ගහන්න හිතෙනවා.
හෝඩියෙ පන්තියෙ ළමයි කණ්ඩායමක් පච දේශපාලන බලවතකුගේ උපදෙස් මත පාසලේ ප්‍රින්සිපල්ව දනගස්වල තමන් දන්න අයන්න ආයන්න කියල දෙන්න ගත්ත උත්සාහයක්...
" බැංකු හොරෙක් කියන කතා " අද සිට දිවයිනේ සියලුම සිනමාහල්වල ප්‍රදර්ශනයකෙරේ. ...එදා සිටම තමන් උපන් රට විනාශ කිරීමට නොයෙකුත් ආකාරයෙන් දායකවූ මන්දමානසික මිනිමරුවෙක් ,බැංකු හොරෙක් ,....... තම ජීවිත ගමනේ අවසාන කෙලවරේ සිට - සිර ගෙදරට යෑමට ඔන්න මෙන්න කියා යලි යලිත් කෙලින පිස්සු නැරඹීමට අදම ඔබේ සිනමාහල කරා පියනගන්න.
දෙවැනි කැඳවීම අවසන් වෙන්නේ බලු කුඩුවෙන් !!!
බැංකුවෙන් මුදල් එළියට අරන් ඒවා පිල්ළි ගහපු එක හරිද?
පාර්ලියමෙන්තුවෙන් අයවැය සම්මත කරලා එවන මුදල් වියදම් කරන්නේ නැතිව අවුරුද්ද අන්තිමේ භාණ්ඩාගාරයට යවන එක තමයි ආණ්ඩුව ආසා ක්‍රමය, මොකද දුප්පත්ම මිනිස්සුන්ට හෙන ගැහුවත් මොකද කියල බදු වැඩි කරපු ආණ්ඩුවක් නේ මේක.
ඒවා හොරෙන් හොරෙන් දේශපාලුවන්ගේ එකවුන්ට් වලට ඇද්දට ප්‍රශ්නයක් නැතුව ඇති මගේ හිතේ.....
මෙවැනි පහදිලි කිරීමක් අප වෙනුවෙන් කරන්න පුළුවන් දැනුමක් තියෙන අයෙක් මේ ආණ්ඩුවේ නැති කමත් , පලි ගැනීමට ඇති උවමනාව මතත් දැමූ නඩුවක් බව මෙයින් පැහැදිලියි ඔබට ස්තුතියි, රනිල් ජනාධිපතිතුමනි."