IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


සාපෙළින් පසු සාපයක් නොවන්නට

මෙවර අ.පො.ස. සා.පෙළ ප්‍රතිඵල නිකුත් වුණේ වෙනදා මෙන් නොව තරමක් ප්‍රමාදවය. එම ප්‍රතිඵල නිකුත් වන විටද විභාග ප්‍රතිඵල කෙරෙහි විශ්වාසය තැබූ ඇතැම් සිසුන් වෙදනා මෙන්ම තම උසස් පෙළ විෂය ධාරාවද තෝරාගෙන අවසන්ය. සා.පෙළ සමත්වුණු සිසුන් උසස් පෙළට යොමු වන අතරේ සා.පෙළ අසමත් වුණු සිසුන්ගෙන් වැඩිපිරිසක් පාසල හැර යති. ඉතා සුළු පිරිසක් නැවත විභාගයට සුදානම් වන අතර අසමත් විෂයන් සමත්වීමේ ‍පොරොන්දුව මත උසස‍් පෙළ හැදෑරීමයට යොමු වන පිරිසක්ද වෙති.

අ.පො.ස. සාපෙළ විභාගය සඳහා ශිෂ්‍යයෙක් මුහුණදෙන්නේ වසර 11ක කාලයක් විධිමත් පාසල් අධ්‍යාපනයක් ලැබීමෙන් අනතුරැවය. වසර 11ක් යනු දිගු කාලයකි. එතරම් දිගු කාලයක් ගෙවෙන තෙක්ම එම සිසුවා දක්ෂතා දක්වන ක්ෂේත්‍රය හඳුනා ගැනීමට ගුරැවරැන්ට හෝ වැඩිහිටයන්ට නොහැකි වීම , සිසුවාටද තමා කැමති, තමා දක්ෂ කවර වෘත්තියකටද යන්න අවබෝධ කර ගැනීමට නොහැකි වීම, ඒ සඳහා සුදුසු වැඩපිළිවෙළක් නොමැති වීම අපේ අධ්‍යාපන ක්‍රමයේ වරදකි. ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදි දරැවන්ගේ මනස අධ්‍යාපනයට යොමු කරන අතරේ කිසියම් වෘත්තීයමය නිපුණත්වයක් ලබාගැනීමට අතහුරැ කරවීමද පාසල් අධ්‍යාපනයෙන් විය යුතු ‍කර්තව්‍යයකි.

සාපෙළින් පසු පාසල හැර යන යෞවනයින්ගෙන් බහුරතයක් කුමක් හෝ රුකියාවකට යොමුවන බව පෙනේ. ඒ සදහා පවුලේ ආර්ථික අපහසුතා ද හේතු වේ. කුලී රථ රියදුරෙකු ලෙස ත්‍රීවිලයක් පැදවීමට යොමු වෙන පිරිසක්ද ඒ අතර සිටිති. වැඩි දෙනෙක් යොමු වන්නේ කම්කරැවන් ලෙස ස්ථිර හෝ ස්ථිර නොවන රුකියාවන්ට ය. විවිධ ආයතනවල කම්කරැවන්, සංචාරක අලෙවි කරැවන් වශයෙන් සොච්චම් මුදලකට සේවය කරන තරැණ පිරිස ද මීට අයත්ය. ජව සම්පන්න තරැණ තරැණයින් රටකට අගනා ම සම්පතකි. එම ජවය ත්‍රීවිල් රථ ගාලක නිකරැණේ දියකර හැරීමට ඉඩ සැලසීම, ගෙයක් ගානේ යමින් විවිධ භාණ්ඩ අලෙවි කර ලැබෙන කොමිස් මුදලෙන් යැපෙන්නට ඉඩ හැරීම අපරාධයකි. පාසලින් පිටතට එන තරැණයින් නිෂ්පාදන ආර්ථිකයකටයොමු නොකිරීම අද මෙවැනි ආර්ථික අවපාතයකට අපේ රට ඇද වැටීමට එක් හේතුවකි. පහසුවෙන් මුදල් ඉපයීමට නීති විරෝධි ජාවාරම්වලට සම්බන්ධ වීමට වැඩි ඉඩකඩක් ඇත්තේද මෙම තරැණ කණ්ඩායම්ය.

සා.පෙළින් පසු පාසල හැර යන දරැවන් යොමු කළ යුත්තේ කවර දිශාවකටද ? ඒ පිළිබඳ සෑම දෙනෙක්ටම අවබෝධයක් තිබීම අත්‍යවශ්‍යයි. සාමාන්‍ය පෙළ විභාගය අසමත්වූවායැයි ජිවිතය අසමත් නොවේ. වෘත්තීය අධ්‍යාපනයක් සඳහා යොමු වීමට සෑම අයෙක්ටම අවකාශ තිබේ. වැදගත් වනුයේ නිකරැ‍ණේ කාලය ගත නොකර ඉක්මනින් ඒ සඳහා යොමු වීමයි. මේ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නිරත වන නිපුණතා සංවර්ධන නිලධාරියා හමුවීමට ඔබට හැකියි. ග්‍රාම නිලධාරිවරයාගේ සේවය ලබාගන්නා හා සාමානවම ඕනෑම අයෙකුට නිපුණතා සංවර්ධන නිලධාරියා මුණුගැසීමට හැකිය. ග්‍රාමීය මට්ටමින් එම නිලධාරින් ජනතාව හා සම්බන්ධ වේ. ඒ මාර්ගයෙන් විධිමත් වෘත්තීය අධ්‍යාපනයකට යොමුවීමට නිසි මගපෙන්වීමක් කෙරෙනු ඇත. කාට හෝ තමාගේම ව්‍යාපාරයක් ඇරඹීමේ අදහසින් පසුවෙයිනම් ඔවුනටද එම ව්‍යාපාරයට අදාළ ක්ෂේත්‍රයේ දැනුම, පුහුණුව පමණක් නොව ගිණුම් තැබිම,අලෙවිකරණ දැනුම හා බැංකු ණය පහසුකම් ලබාගැනීමට පවා ඉඩකඩ සලසාගත හැකියි.

ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුහුණුවක් ලැබීමට හැකි ආයතන රුසකි. ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය, ශ්‍රි ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය,දිස්ත්‍රික් වාත්තීය පුහුණු මධ්‍යස්ථාන හා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන වශයෙන් ප්‍රාදේශිය මට්ටම දක්වා පාඨමාලා හැදෑරීමට හැකි මධ්‍යස්ථාන රුසක් ද වේ. කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ කාර්මික විද්‍යාල හා තාක්ෂණ විද්‍යාල ක්‍රියාත්මක වේ.

කාර්මික විද්‍යාලය 39ක් රට පුරා විහිදි ඇත. ඒ අතරින් කාර්මික විද්‍යාල 9ක් තුළ තාක්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව සලසා තිබේ. කාර්මික විද්‍යාලවල වෙල්ඩිං පාඨමාලා හැරුණු විට විදුලි කාර්මික ශිල්පි, ජලනළ කාර්මික ශිල්පි ආදි අනෙකුත් පාඨමාලා හැදෑරීමට සා.පෙළ සමත්වීම අත්‍යවශ්‍යයි. සාගර විශ්වවිද්‍යාලයද වෘත්තිය අධ්‍යාපන පාඨමාලා රුසකට ඉඩකඩ සලසා ඇති විශ්විවිද්‍යාලයකි.

අ.පො.ස සාපෙළ පෙනී සිටි සිසුවෙකුට වෑද්දැම්,විදුලි පරිපථ, ඇලුමිනියම් වැඩ, ‍ගොඩනැගිලි ඉදිකිරීම්,බේකරි කර්මාන්ත, රෑපලාවණය, ගෙවතු අලංකරණ, ආදි වශයෙන් යොමු විය හැකි පාඨමාලා රුසකි. මේවායෙන් ඇතැම් ඒවා පාසලේ 9 ශේණිය සමත් සිසුවෙකුට පවා හැදෑරීමට හැකියි. ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ පාඨමාලාවලට යොමුවන සිසුන්ට වැඩබිමක පුහුණුවක් හා වියදම සදහා වැටුපක් ලබමින් ඉ‍ගෙනීමට අවස්ථාව සලසා තිබේ. මෙවැනි සිසුන්ට රජය මගින්ද යම් ගෙවීමක් සිදු කරයි.

මෙලෙස වෘත්තීය පුහුණුව ලබන සෑම ආධුනිකයකුටම NVQ 7 මට්ටම දක්වා සහතික ලබාගැනීමේ අවස්ථාව තිබේ. NVQ 3 මටට්මේ සහතිකයක් ලබා ගත් අයෙකු සැලකෙනුයේ අපොස සාපෙළ සමත් අයෙකු වශයෙනි. NVQ 5 සහතිකයට ඩිප්ලෝමා මට්ටමේ පිළිගැනීමත් NVQ 7 සහතිකයක් ලබාගැනීම උපාධිය හා සමාන වටිනාකමක් හිමිවෙි. වෘත්තීය අධ්‍යාපනයට යොමු වු අයෙකුට රත්මලානේ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයෙන් උපාධි පාඨමාලාව හදාරා NVQ 7 සහතිකයත් ලබාගැනීමට හැකියි. තම පාඨමාලාවට අදාළ වෘත්තීයක නිරත වන ගමන් උපාධිය හැදෑරීමට අවස්ථාව ලැබීම නිසා නිසි පුහුණුවක් ලැබූවකු ලෙස රුකියාවකට යොමු වීමේ මග සාදාගැනීමකි.

එ් අනුව අප‍ොස සාපෙළ අසමත් වූවෙකුට පවා වෘත්තීය පුහුණුවක් හදාරා ක්‍රමයෙන් උපාධිය ලබා ගැනීම තෙක් ඉදිරි ගමනක් යා හැකියි. පුහුණුවක්ද සමග ලැබෙන මෙම උපාධිය ලොව සෑම රටකම ඉහළ මට්ටමේ පිළිගැනීමක්ද හිමියි.

කම්කරැවන් වශයෙන් විශාල පිරිසක් විදේශ රුකියාවලට යොමු වනු මේ දිනවල දක්නට ලැබෙන දෙයකි. එහෙත් මාස 6ක හෝ වෘත්තීය පාඨමාලාවක් හදාරා පුහුණු කම්කරැවකු වශයෙන් රුකියාවකට විදේශ ගත වීම එම රුකියාවෙන් ඉදිරි ගමනක් යාමටත්, වැඩි වැටුපක් ලැබිමටත් අවස්ථාව සලසයි. මේ වින විට අප රටේ විවිධ වෘත්තීන්වල නිරතව සිටි විශාල පිරිසක් විදේශ ගතවෙමින් සිටි. ඒ හේතුවෙන් රට තුළ වෘත්තීය රුසක පුරප්පාඩු ඇතිවෙමින් පවතියි. හෝටල් ක්ෂේත්‍රයේ මෙන්ම කාර්මික ක්ෂේත්‍රවලත් පුරප්පාඩු පිරවීමට නිසි වෘත්තීයක් පුහුණුවක් ලද තරැණ පිරිසට හැකිවේ.

රජයේ වෘත්තීය පුහුණු ආයතන හැරැණු විට හතු පිපෙන්නාක් මෙන් මතුවන පෞද්ගලික අංශයේ වෘත්තිය පුහුණු ආයතනද බොහොමයකි. ඇතැම් ඒවා පිළිගත් ආයතන වන අතර ව්‍යාජ ඒවාද රුසකි. එබැවින් වෘත්තීය පුහුණුවක් ලැබීමේදී එම ආයතනය තෘතියික හා වෘත්තිය පුහුණු ‍කොමිෂන් සභාවේ ලියාපදිංචි ආයතනයක්ද යන්න පළමු දැනගන්න. www.tvec.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් එම ආයතන ව්‍යාජද නැතිද යන්න පරික්ෂා කරගැනීමට පුළුවන.

අ.පො.ස උසස් පෙළ හදාරන සමහර සිසුන් විෂය ධාරා තෝරා ගැනීමේදී තම හැකියාව නොව මවුපියන්ගේ බලකිරීම නිසා නැතහොත් සමාජ රුල්ලට යමින් විද්‍යා , ගණිත විෂය ධාරා තෝරා ගනියි. තමා තෝරා ගත් විෂය ධාරාවෙන් විභාගය සමත් විමට හැකිවේද ,නොහැකි වේද යන්න ගැන මාස පහක් හයක් ගත වන විට තමාටම අවබෝධ කර ගත හැකියි. එවිට කළ යුත්තේ තමාට විභාගය සමත්විය හැකි වෙනත් විෂය ධාරාවකට මරැ විමයි. එසේ නොමැතිව වසර දෙකක් උසස් පෙළ පන්ති කාමරය තුළ, ටියුෂන් පන්තිවල ගෙවා දැමීම මෝඩකමකි. ඒ වෙනුවට තමාට කැමති, තම දක්ෂතාවලට ගැළපෙන ඉදිරි ගමනක් යා හැකි වෘත්තීය අධ්‍යාපනයකට යොමු වී නිසි පුහුණුවක්ද ලබාගැනීම බුද්ධිමත් තීරණයකි. නැතහොත් වයස අවුරැදු 24 ක් 25 වන විට අපරාදේ මම මේ විෂයාධාරා තෝරා ගත්තේ, අපරාදේ මේ පාඨමාලාව හැදෑරැවේ යැයි පසුතැවෙන්නට වේ.

එලෙස පසුත‍ැවෙන දේ නොකර නිසි වෘත්තීය අධ්‍යාපනයකට යොමු වෙන්න. ඔබේ දරැවා වෘත්තීය අධ්‍යාපනයකට යොමු කරන්න. එය වඩා තෘප්තිමත් රැකියාවක නිරත වෙන්නත්, සුවදායි ආර්ථිකයක් ළඟා කරගන්නටත් හේතුවනු නිසැකයි.

මංජුල විදානපතිරණ (අධ්‍යක්ෂ, තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව) මහතා සමග කළ සාඛච්ඡාවක් ඇසුරිනි.

තක්ෂලි හපුආරච්චි

අපොස සාපළෙ සමත් අසමත් අ.පො.ස.සාපෙළ පෙනී සිටි සිසුන්ට



අදහස් (2)

සාපෙළින් පසු සාපයක් නොවන්නට

Samanthika Saturday, 16 December 2023 04:43 PM

ඉතාමත් වටිනා, කාලෝචිත ලිපියක්...!

:       0       11

හචිනි විමල්කා Wednesday, 09 October 2024 07:16 AM

හොඳයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27091 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18174 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10876 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 627 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 188 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 843 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site