
(ෂේන් සෙනෙවිරත්න)
හෝටල් සූපවේදියකු ධාවනය කළ මෝටර් රථයක් නවතා ඔහු පරීක්ෂා කිරීමට උත්සාහ කළ පොලිස් සැරයන්වරයකුට කනේ පහර ගසා පැනයාමට තැත්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම සූපවේදියා අත්අඩංගුවට ගෙන තිබේ .
එම මෝටර් රථය මහනුවර මූලස්ථාන පොලිසිය ඉදිරිපිටදී නවතා ඇති අතර එහි රියදුරු බීමතින් සිටින බවට පෙනී ගිය බැවින් පොලිස් මුරකුටියට කැඳවා රියදුරා පරීක්ෂා කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී සැරයන්වරයාට එම කනේ පහර එල්ල කොට ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය .
පහර කෑමට ලක් වූ පොලිස් නිලධාරියා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර අත්අඩංගුවට ගත් සූපවේදියාට එරෙහිව බීමතින් රිය පැදවීම සහ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ අධිකරණයේ නඩු පැවරීමට නියමිතය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිල ඇඳුමින් සිටින නිලධාරියෙකුට කනට ගහන්න තරම් මේ උයන මනුස්සයා කොච්චර උඩ ගිහින්ද? මේවාට නම් නිසි දඬුවම් ලැබිය යුතුයි.
බීලා හිටියා කියලා උසාවියට ඉදිරිපත් කරන්න බැලුම් පරීක්ෂාව කළාට පසු වෙරි බහින්න සූපයාට කන හරහා පාරවල් කීපයක් නොදුන්නා නම් සැරයන්ට කනේ පාර දීපු එක අනුමත කරනවා...!