
(නිමන්ති රණසිංහ)
දළදා වහන්සේට අපහාස කර බෞද්ධ ජනතාව තුළ කැළඹීමක් ඇති කළයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල අමරසිංහ මහතා ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය අද (06) නියෝග කළාය.
මෙම සිද්ධියට අදාළව සැකකරු භාවිතා කළ භාවිතා කළ පරිගණකය අත්අඩංගුවට ගනු ලැබූ බවත් එය පරිගණක වෝහාරික විද්‍යාගාරයේ තබා පරීක්ෂණ කටයුතු කරමින් සිටින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධාරණය ඉෂ්ඨ වේවා...!
බෝම්බෙට වඩා ලබු ගෙඩිය සැරයි කියලා දන්නේ දැන්නෙ….!
මෙයා වගේම තවත් රැවුල කොණ්ඩෙ වවාගෙන මහා විද්වතුන් වගේ පෙනී හිඳිම්න් සද්ධර්මය ට ගරහන තවත් කෙනෙක් ඉන්නවා. එක්කො මෙයාලා NGO වලින් සල්ලි ගන්නවා. නැත්නම් වෙන ගේමක්. ඒව හොයාගන්න ඕන. සද්ධර්මය හරියට දන්න අයටනම මෙයාලා එක එක ඒවා කියලා අපායගාමී වුණා කියලා ගැටලුවක් නෑ.
ලබ්බේ රටක් මේක.
දැන් මෙයාගේ නඩුවට වියදම් කරන්නේ මොන පක්ෂයෙන්ද මොන NGO එකෙන්ද කියලා හොයලා බලන්න
පරණ සින්දුවක් මතක් උනා Imagine there's no countries It isn't hard to do Nothing to kill or die for And no religion, too
මහතා කියන වදනේ තේරුම මොකක්ද කියලා දන්න කෙනෙක් පහදා දෙන්න
සේපාල් අමරසිංහ මහත්මයාට පාර්ලිමේන්තුවේ වැඩිදෙනා බයවෙලයි හිටියේ.හිතන්න එපා ඒ වගේ මිනිස්සුන්ව හිරේ දාලා නවත්තන්න පුළුවන් වෙයි කියලා.
සේපාල් ඇත්ත කිව්වා මිසක් අපහසයක් කලේ නෑ. මේක අර බෞද්ධාගම විකෘති කරන, මිනිස්සු රවටන පන්සල්වල ඉන්න එවුන්ගේ වැඩක්.
තවත් සීමා නැති කටක්
දළදා වහන්සේට අපහාස කර බෞද්ධ ජනතාව තුළ කැළඹීමක් ඇති කළයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී මෙන්ම සමස්ත බෞද්ධ ජනතාවට , බෞද්ධ දර්ශනයට, අගවුරව කරමින් බෞද්ධ ජනතාව ගෞරවයට පාත්‍රවූ සිවුරට අපහස කරමින් උත්ගොසන කරමින් සිටිනා සහ දුෂිත අන්තවාදී ක්‍රියාවන් කරනාවූ භීක්ෂුන් පිලිබදව තීරණයක් ගැනීමට මහනායක භීක්ෂුන් වහන්සේලා ඇතුළු සියලු දෙනාගේම වගකීමකි. සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල අමරසිංහගේ මතය අනුමත නොකරන නමුත් ඔහුගේ ප්‍රකාශය ශ්‍රී ලංකිකයනට පමණක් තේරුම් ගත හැකි උවත්. බෞද්ධ ජනතාවට , බෞද්ධ දර්ශනයට, අගෞරව කරමින් බෞද්ධ ජනතාව ගෞරවයට පාත්‍රවූ සිවුරට අපහස කරමින් උත්ගෝසන කරනා භීක්ෂුන්ගේ ක්‍රියා කලාපය/ හැසිරීම සහ එම ක්‍රිය්වන් නැවත්වීමට මහනායක භීක්ෂුන් වහන්සේලා සහ අදාල බලධාරීන් ක්‍රියා නොකිරීමේ පණිවුඩය සමස්ත ලෝකයටම මධ්‍යමගින් වන ප්‍රචාරණය නවත්වා ගැනීමට නොහැකිව ලංකාව ථෙරවාදී බුදු දහමේ කේන්ද්‍රස්ථානය පිලිබදව පමණක් කතා කිරීම කණගාටු දායකය.
ජාතික ජන බලාවේගයේ සාමාජිකයෙක් ලෙස හැසිරෙන රාජපක්ෂ ගෝලයෙක්..
Need to give life sentence
බොහොම හොඳයි වාචාලකමට වෙච්ච දේ.
දේශපාලන හොරුන්ව ලෙවකන අධිකරණ
අවුරුදු දහයක් නොවෙයි විස්සක් හිරේ තියන්න ඕනි.
දළඳා මාලිගාව වටේ නයිට් රේස් දුවපු අයට හරි ඔතන තියෙන්නේ "ඌරු දතක්" කියල ප්‍රසිද්ධියේම කියපු අයට හරි මේවගේ නඩු වැටුනේ නෑ නේද ? බලන්නකෝ එකෙත් හැටි.
NGO බත්බැලයෙක්. අරගලකාර ඝිවුරු හොරුන්ටත් මොනව හරි කලයුතුයි.
මේ වගේ වහල්ලු ඉන්නකම් මේ රටවල් හදන්න බෑ.
යූටියුබ් චැනල්වලින් ජීවත් වෙන්නෝ
මේ වාර්තාකාර නෝනාට පිස්සු ද .මේකාට "මහතා" යන ආමන්ත්‍රණයෙන් වාර්තාව ලියන්න?
EW අදිකාරම් තුමා අද හිටියනම්. එතුමා සැබෑ බුදු මඟ දුටු සියල්ල අත්හල, මෛත්‍රී කරුණා ගුණයෙන් පිරි, බුදු මඟ ජීවිතයේ කොටසක් කරගත් උතුමෙක්. බුදු බවට ආසන්න වූ අයෙක්.
දළඳා හාමුදුරුවෝ විතරක් නෙමෙයි .ඔය හැම හාමුදුරුවෙක්ම බොරුවක්.මේ ගැන අපේ මුළු රටම දන්නවා උනත් ඒ ගැන කතා කරන්න ලැජ්ජයි
පත්ලතර මහත්වරුනි. ලබ්බට තිබ්බ අත පුහුලට තියන කාලේ වැඩි ඈතක නැහැ. පරිස්සම් වන්න. කඩේ යන එක නවත්වන්න. මෙයා තටු කපන්නේ එකින් එක. එක පාරටම නෙවෙයි.
තව පොඩි ෆිල්ම් එකක් එළියට එන්න වගේ යන්නේ. අනේ මන්දා අපේ රටේ වැඩ.
තැනක් නොතැනක් නොබලා දොඩවන මෝඩ u. Tube වාචාලයන් මේකෙන් පාඩමක් ඉගෙනගනී.භික්ෂූන් වහන්සේලාට කරපු අපහාස කොච්චර ද. තව ඉන්නවා මෝඩ පණ්ඩිතයෝ ටිකක් උන්ගේ කටවල් වැහෙයි දැන්. මේ වගේ වාචාලයන් නග්ගන්න කොමෙන්ට් කරන ගෝතයොත් ඉන්නවනේ. උන් දන්නේ නෑ මූ කරන්නේ මොනවද කියලා. කාගේ හරි බළල් අතක් ඔය ක්‍රියාත්මක වෙන්නේ.මුන් වගේ හැම දෙයක්ම දන්න පණ්ඩිතයෝ නෑ කියලා තමයි හිතාගෙන ඉන්නේ. රටේ අනිත් මිනිස්සු ගොබ්බයෝ කිසිදෙයක් දන්නේ නෑ. මුන් තේරුම් කරලා දෙනකම් කියලයි හිතාගෙන ඉන්නේ. මෝඩකම ගංජා වලට වඩා ලොකුයි කියන්න වෙන්නේ.
සේපාල අමරසිංහගේ ක්‍රියාකලාපය, බෞද්ධයෙකු ලෙස මා දැඩි ලෙස විරුද්ධ වන අතර, බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන් දළදා සමිඳුන්ට කල අගෞරවය දැඩි ලෙස හෙලා දකිමි. ඒ අතරම බෞද්ධ දර්ශනයට නිගාවන අයුරින් හැසිරීම රටේ සුප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේලා කරගෙන යන ක්‍රියාවන් දැඩි ලෙස කම්පනයෙන් හෙලා දකිමි. මල්වතු අස්ගිරි මහානායක භික්ෂූන් වහන්සේලා මේ ගැනත් තදින් ක්‍රියාත්මක විය යුතු කාලයක් මේ. බෞද්ධ දර්ශනයට, බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයට නිගා වන අයුරින් හැසිරීම, ප්‍රකාශ නිකුත් කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් වශයෙන් දැඩි නීතී සම්පාදනය කළ යුතුයි. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ එහි ඉගෙනුම ලබන භික්ෂූන් වහන්සේලාගේ ක්‍රියාකලාපය එරෙහිවත් මහානායක හිමිවරුන් ක්‍රියාත්මක විය යුතුය. මෙම සියලු දෙනාගේම ක්‍රියාකලාප රටේ බහුතරය බෞද්ධයන් දැඩිව හෙලා දකිමි.
මෙයාට මේ දඬුවම .ජේසු තුමන්ට හා කිතුනුවන්ට අපහාස කල නිසා
ලංකාව ඇෆ්ගනිස්ථානයක් වූ වගයි.
සේපාල්ගේ ඊළඟ උපතේදී ඔහු මාලිගාවත්ත කුණු කන්දේ අන්ද කපුටෙකු ලෙස උපදින්නේය... ඊට අමතරව ඔහු හෘදයාබාධයකින් මිය යනු ඇත.
දළදාවට කිව්ව එකට සේපාල් ඇතුලේ , එහෙනම් ඕකට බෝම්බ ගහපු අම්මාන් මල්ලි ට මොකද වුනේ?බලා ගෙන ගියාම ඔය ඔක්කොම එකයි . සමහර චිවරධාරීන් කරන වැඩ දළඳාවට ප්‍රශ්නයක් නොවේද ?
බෞද්ධ දර්ශනයට අනුව මම කියා කෙනෙක් නැත. එහෙව් තැන මෙවන් චෝදනාවක් කිරීමට බෞද්ධ ආගමිකයන් කියා ගන්නා අයට හැකිද,? ගරු අධිකරණයට ඇති වගකීම සුලුපටු නොවේ.
මේ නරුමයින් කාගේ කාගේ පටු බඩගෝස්තර වාදී දේශපාලන අවශ්‍යතා ඉටු කරනවාදැයි අප නොදනිමු... එහෙත් ඒ කාලකණ්ණී නරුමයෝ රටේ අනාගත යහපැවැත්මට කරන හානිය පරම්පරා ගාණකට බලපානවා .... මුලු ලොවක් ගරුකරන ජීවමාන උතුම් දහමක ශාස්තෘවරයාණන් හට මෙවැනි අමන නරුම වදනින් ඇමතීමෙන්ම අපේ රටේ ඇතැම් නිවට Social media කාරයින් ගේ නහීන අවිචාර බවේ හෙලුව මුලු ලොවටම සක්සුදක්සේ පෙන්නුම් කරනවා....! මේ අමන කථාව මැවුම්කාර දෙවියන් අදහන අන්තවාදී ආගමික රටක උනානම් මේ නරුමයාට උරුමවෙන්නේ ගල් පාර විතරයි ..!. බටහිර රටක මේවාට. උපරිම දඩුවම් ලැබේනවා.. මේ ප්‍ර්‍රකාශය සම්පූර්ණයෙන්ම අයත් වෙන්නේ සමාජ වයිරී ප්‍ර්‍රකාශයක් ( Hate Crime ) ව්දියට දැඩි දඩුවම් ලැබෙන වරදක් ... ඒ සියලු දේට වඩා උතුම් දහමට කළ නිගරුව ශිෂ්ට මානව සමාජ ධර්මතා කෙලෙසිම මේ ජීවිතයෙන් කෙලවර නොවන සැහැසි කර්මයක්... මේ සියලු දේ අපට කියා දෙන්නේ මෙ සිරිලක අද පත්වී ඇති අදුරු අගාධයේ තරමයි...!
සිංහල බෞජ්ජයයා සහ ආරබි කරයන් අතර වෙනසක් නෑ.
සේපාල් දළදා හාමුදුරැවන්ට අගෞරව නොකලේය. ඔහුට දළදා වහන්සේ සමඟ කිසිදු ගැටලුවක් නැත. මට හැඟෙන පරිදි ඔහුට බෞද්ධ දර්ශණය පිළිබඳ ගැඹුරැ දැනුමක් තේරැමක් ඇත. ඔහු පහර දුන්නේ දළදාවට මුවාවී තමන්ගේ V8 රැකගන්නා ජඩ දේසපාලුවන්ට සහ චීවරධාරීනට පමණි. එසේ ඔවුන්ට වාසියට අටවගත් ජනප්‍රිය සංකල්පයටයි. සේපාල් ආගම රජයට ගාවා ගැනීමට විරැද්ධ විය. සේපාල්ගේ එරෙහිවන්නේ අප දළදා හාමුදුරැවන්ට ඇති සැබෑ ආදරයකට නොව, උන් වහන්සේ ඉදිරියට දමා ඔහුගෙන් පළි ගැනීමටයි. අවාසනාව, රටේ මිනිස්සුන්ගේ දෙයක් තේරැම් ගැනීමේ දුගී භාවයයි. ඔහු ඒ දේ කීවේ වැරදි ස්ථරයකට.
කුඩු ගෙන්වන අල්ලස් ගන්න උන්ට හැමෝම කැමති රටක් මේක. හැබැයි පොඩි වචනයක් අල්ලාගෙන රටම විනාශ උනා කියල උඩ පනින්නත් දක්ෂයි.
එල්ලා මරණය. ගල් ගසා මරණය නම් මමත් එනවා එක ගලක් ගසන්නට
සෙපාල්ගේ කතාවට අප එකඟ නැහැ. ඒත්,ඔහු පෙන්වන අනිත් ඒවා ගැන පියවරක් නොගන්නේ මන්ද ? ඔහුගේ හා යූටියුබ් එකේ සමහර චැනල් වල යොදන භාෂාව අසභ්‍යයි. අසංවරයි.කුණුහරුප වලින් පිරිලා.බලන අයගේ සිත් දූෂ්‍ය වෙනවා.ඒත්,ඔවුන් සාක්ෂි සහිතව ඉදිරිපත් කරන බොහෝ දේ තිත්ත ඇත්ත.දේශපාලකයාගේ,දුසිල්වත් චීවදාරීන්ගේ, රටට බොරු කියනා ඇතැම් විද්‍යුත් නාලිකා ගැන සත්‍ය ඔවුන් හෙළිකොට ජන සමාජය වෙත බලපෑමක් කොට තිබෙනවා.කැලණියේ නයාගේ සිද්ධිය,කරුණා අම්මාන් බෝම්බ ගැසූ සිද්ධිය,පිටිදූවේ සිරිධම්ම හිමි දළදා හිමිට අපහාස කිරීම,බුදු හිමියන් ගංජා භාවිතා කළේ යයි ඩයනා පාර්ලිමේන්තුවේ පැවසීම ආදී දේවල් ගැන පියවරක් නොගෙන සේපාල් ගැන පමණක් කටයුතු කිරීම සැබවින්ම පුදුම සහගතය. මේ දේ ඉස්මතු කර රටේ ඇති බඩු මිල, බදු බර හා ජනයාගේ පීඩිත ප්‍රශ්න අමතක කොට ඡන්ද දිනීමේ ක්‍රමයක් මෙසේ වඳ කොත්තු මෙන් කරලියට එන්නේ දැයි සිතේ.මේ සියල්ල දෙස හොඳ සිහි නුවණින් කල්පනා කළ යුතුව පවතී.රට කෑ දූෂිතයන් හා ඔවුන් රකින්නන් ගැන ජනතාව හොඳින් සිහියේ තබාගත යුතුය.
ආගම් ආගම් ආගම් හැමතැනම කතාව ආගම.අපේ රටටනම් ඔයින් කිසිම සුගතියක් වෙලා නැහැ.ආගම් ඔහෙන්වරෝ කියලා ඉල්ලන්නේ ලේ මිනිස්සුන්ගේ ලේ.දියුණු රටවල මිනිස්සුන්ට නැති ඇල්මක් ලංකාව වගේ දුප්පත් , මෝඩ කම්මැලි මිනිසුන් සිටින දුපතක ඇත්තේ මේ රටේ මිනිසුන්ට දිනපතා කතාවට බයිට් එකක් අවශ්‍ය නිසයි.මම රටේ නායකයාවුනොත් ඔය ඔක්කොම ආගම් වලට සිමා පනවනවා.සිල්වත් ආගමික පුජකයින්ට ලයිසන් දෙනවා.අනිත් හොර රැලම ( සියලුම ආගම්වල ) පන්නලා දමනවා.අපේ රටේ බත්කන බුරුවන්ට මේවා කවදා තේරුම් යයිද?
හොඳ වැඩේ වාචාලයාට උනේ
හොඳම වැඩේ නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්න ඕනේ .මොකද බුදුදහම රැකගැනීම ,ආරක්ෂා කිරීම ව්‍යවස්ථාවෙන්ම රජයේ හා නීතියේ වගකීමක් .මේක මුස්ලිම් රටක උනානම් අනිවාර්යයෙන්ම මරණ දඬුවම තමා
සේපාල් එළකිරි පොරක් නම් එයයි, පාර්ලිමේන්තුවේ ඉන්න අයගෙයි, බොරුවට සිවුරු දාගෙන ඉන්න අයගෙයි කිසිම වෙනසක් නැහැ. මොකද ඔක්කොම කරන්නේ වාචාලකමට කියවන එක.. තමන්ගේ මතය කියන්නවත් දන්නේ නැති කෙනෙක්...
ජෙප්පන්ගේ ප්‍රතිපත්ති තමයි මෙයා එළියට දැම්මේ. මේ ටික අපි ඉවසුවා නම් අනිත් දවසේ කියයි අම්මා තාත්තා කියන්නේ අනික් මිනිස්සු වගේම කොටසක් ඒ ගොල්ලන්ට සලකන්න වුවමනාවක් නැත. ලෙනින්ට ගරු කරන්න කියලා. මොවුන් තමයි මිනිසුන්ගේ මනස විකෘති කර ඊරිසියාව, ක්‍රෝධය, වෛරය මිනිසුන්ගේ ඔලුවලට දැම්මේ... එහි ප්‍රතිඵලයක් හැටියට තමයි 2022 ජුලි 9 වෙනිදා කොහෙවත් තිබුණු... ලැම්බෝගිනි කාර් ගිනි තිබ්බේ...
ෙඇයි මේ මනුස්සය අල්ලගෙන පතුරු අරින්නෙ මීට ඉහත මේ වගේ කියපු කරපු අය කොච්චර ඉන්නවද. රාජ්‍ය නායකයෙකුත් හිටිය මතක නේද. කහ සිවුරු කාරයො කොච්චර ඉන්නවද. ඇයි ඒවට කතා නැත්තෙ? දැන්ද බෞද්ධයින්ගෙ ඇස් ඇරුනෙ?
ඡන්දයක් ලඟ වෙනකොට මේ වගේ කසකාරයෝ එළිබහිනවා.
මොනතරම් හොඳ දේවල් කරත් මෝඩ තකතීරු කතාවක් කිව්වාම ඒ ඔක්කොම විනාසයි.
අපගේ බොහෝ කමෙන්ට්ස්වල නිල් සහ රතු මහපට ඇඟිලි පේනවනේ... දිශාව අනුව රටේ මානසිකත්වය හිතාගන්න පුළුවන්....
දළදා මාලිගාව සහ දන්ත ධාතූන් ගැන සමස්ථ ජනයා භක්තියෙන් විශ්වාසයෙන් කටයුතු කරනවා. නොකරන අයත් ඉන්නවා. කොහොම වුණත් සෑම ආගමකම විස්වාස පවතිනවා. ඒවා ඇත්තද නැත්තද කියලා හොයන්න කවුරුවත් වෙහෙස මහන්සි වෙනවා අඩුයි. අනෙක් අතට ඉතාම අවිහින්සාවාදී ආගමක් ලෙස කරනු ලබන පුද පූජා සහ සංස්කෘතික කටයුතුවලින් කුරා කූඹියෙකුටවත් වරදක් හානියක් සිද්ධ වෙන්නේ නෑ. ඒ වගේ දෙයක් ගැන විශ්ලේෂණයක් දෙන්න පර්යේෂකයන්ට පුරා විද්‍යාඥයන්ට යම් පුළුවන් කමක් තිබිය හැකි නමුත් මේ තැනැත්තා සම්බන්ධව එවැනි ප්‍රවීණත්වයක් පෙන්වලා නෑ. ඒ නිසා මේ ප්‍රකාශවල යටි අරමුණක් ඇති. එවැනි දෙයින් සාමාන්‍ය ජනයා අනවශ්‍ය පැත්තකට තල්ලු වීම සිදු වෙන්න පුළුන්. අපි මොනවා කිව්වත් තමාට කරදරයක් ආවම තමන්ගේ ආගමේ සහ දෙමව්පියන්ගේ පිහිට පමණයි පතන්නේ.අනෙක් අතට ජීවමාන බුදුන්ට ගරහපු මිනිස්සු හිටපු එකේ මේවගේ දේවල්වලට අනුකම්පා කළ යුතුයි.
is religion for people or people are for the religion it seems to parliament guys need yellow shield in orders to protect from the people
සේපාල්ගේ කතාව වැරැදියි. ඒත් මෙතන සමහර අදහස් දැක්කාම දළදා වහන්සේට අපහාස කළ පළමු අවස්ථාව වගේ තමයි පේන්නේ... මෙන්න මේ දේශපාලන ගැතිකම නැතිකරගන්න. දළදා මාලිගාවට බෝම්බ ගහපු අය පොහොට්ටුවට ගන්න කොට කවුරුවත් සද්දයක් දැම්මේ නෑ. දළදා මාලිගාව වටේ කාර්රේස් පදින අයට මුකුත් නෑ. මේ වගේ කෙනෙක්ගේ වචනයක් වැරැදුණු ගමන් එල්ලා මරන්න ඕනෑ කියනවා.... ඉස්ලාම් අන්තවාදයයි, මේකයි අතරේ වැඩි වෙනසක් නෑ...
දළදා මාලිගාවට 1948න් පසුව මුලින්ම පහර දුන් අය සම්බන්ධව දන්න කෙනෙක් කියන්න.
අපහාසය සිදු වුනේ කුමකටද?
හොඳ වැඩේ... මෙයා හිතන් හිටියේ හෙණ පොරක් කියලා...