IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


සුපිරි වෙළඳසැලෙන් භාණ්ඩ සොරාගත් එස් අයි අත්අඩංගුවට

( ෂේන් සෙනෙවිරත්න)

පේරාදෙණිය පොලිස් වසමේ කිරිබත්කුඹුර ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳ සැලකින් රුපියල් 650ක් වටිනා භාණ්ඩ සොරකම් කළ බව කියන පේරාදෙණිය පොලිසියට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු  අද (23) අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකපිට අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා එම සුපිරි වෙළඳසැලෙන් භාණ්ඩ කීපයක් මිලදී ගන්නා අතරතුර තේ පැකට්ටුවක් සහ කුඩා ෂැම්පු බෝතලයක් හොර රහසේම තම සාක්කුවට දාගන්නා ආකාරය එම සුපිරි වෙළඳසැලේ ආවේක්ෂණ කැමරා පද්ධතියේ සටහන් වීමෙන් අනතුරුව වෙළඳසැලේ ආරක්ෂක නිලධාරීන් විසින් ඔහු පරීක්ෂා කොට එම භාණ්ඩ ද සමඟ පොලිසියට බාරදී තිබේ.

එසේ පොලිස් අත්අඩංගුවට ගත් උපපොලිස් පරීක්ෂකවරයා විශ්‍රාම ගැනීමට තවත් වසර දෙකක කාලයක් තිබූ අයෙකු බවද පොලිසිය කියයි.

 



අදහස් (5)

සුපිරි වෙළඳසැලෙන් භාණ්ඩ සොරාගත් එස් අයි අත්අඩංගුවට

නිහාල් Sunday, 23 February 2025 07:46 PM

හොරා හොරාමයි. පෙන්ෂන් යනකම් කරලා තියෙන්නේ හොරා කන එක තමයි..

:       1       14

Nihal Monday, 24 February 2025 03:36 AM

අපරාදේ විශ්‍රාම වැටුප

:       0       0

Bunny Preena Monday, 24 February 2025 09:24 AM

විශ්‍රාම යන්ඩ තව වසර දෙකයි.. එහෙනම් හොඳ කම්බ හොරෙක්.. පවුලේ අය අවමානයයි ලැජ්ජාවයි කොහොම පිරිමහ ගනීවිද මන්දා....

:       0       0

udara Monday, 24 February 2025 10:35 AM

මෙච්චරකල් මොනවා කරන්න ඇතිද? පුරුද්ද තමයි ඉතින්.

:       0       0

Kamal Koyrala Monday, 24 February 2025 02:08 PM

පාතාලයයි හොරුයි පොලිසියයි අල්ලලා.. පොලිස කොමිසමට යටවෙලා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 818 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2466 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1773 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site