
(චන්ද්‍රසේන ගමගේ,ක්‍රිෂාන් ජීවක ජයරුක්, පද්මසිරි ගාර්දියවසම්, සනත් ගමගේ සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවීමේ දොරටුව අසලදී අද පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමෙන් ප්‍රබල දේශපාලන පක්ෂයක ප්‍රධානියකු ඇතුළු පස් දෙනකු මියගිය බව පොලිසිය කියයි
මෙසේ මියගොස් ඇත්තේ අපේ ජනබල පකෂයේ ලේකම් ගල්ගමුව රත්ගල්ගොඩ වත්ත සමන් ප්‍රසන්න පෙරේර, පහළගඟබඩ හසිත රණසිංහ, පොලවත්ත වරාහේන සමීර මධුශංක, කුරුණෑගල ගට්ටුවානේ බුද්ධික රාජපක්ෂ සහ දෙමටගොඩ චම්ප්‍රිය ජයතිලක යන පස් දෙනා බවට හඳුනාගත් බව පොලිසිය කියයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත කහවත්ත පිවිසුම ආසන්නයේදී අද 8.00 පමණ මෙම වෙඩි තැමීම සිදුව ඇතැයි පොලිසිය කියයි.
තංගල්ල අධිකරණයේ පැවැත්වෙන නඩුවකට පෙනී සිටීම සඳහා පැමිණෙමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
වෙඩි ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ සිව් දෙනකු මියගිය අතර එක් අයකු රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. තංගල්ල කුඩාවැල්ලේ පැවැති ත්‍රිපුද්ගල ඝාතනයකට පලිගැනීමක් වශයෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.
-----------------------------------------------------
10.02
(සනත් ගමගේ , චන්ද්‍රසේන ගමගේ සහ ක්‍රිෂාන් ජීවක ජයරුක්)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවීමේ දොරටුව අභියස දී ඩිපෙන්ඩරයක සිටි පිරිසකට මීට මොහොතකට පෙර සිදු කළ වෙඩි තැබිමෙන් පස් දෙනකු මියගොස් ඇතැයි තහවුරු නොවු ආරංචිමාර්ග කියයි.
කැබ්රියකින් පැමිණි පිරිසක් මෙලෙස වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇතැයි පොලීසිය කියයි. වෙළඳසැලක් ඉදිරිපිට රැදී සිටි පිරිසකට මෙලෙස වෙඩිතැබීම සිදුකර ඇතැයි දැනගන්නට තිබේ.
සිව් දෙනකු ඒම ස්ථානයේදීම මියගොස් ඇති අතර ඒක් අයකු රෝහල්ගත කළ පසු මියගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
----------------------------්
පෙරවරු 9.32
දක්ෂිණ අධිවේගයේ වෙඩි තැබීමක්
(සනත් ගමගේ සහ රන්න චන්ද්‍රසේන ගමගේ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේ සිදු වූ වෙඩි තැබීමක් සිදුවඇතැයි පොලිසිය කියයි
මෙම වෙඩි ප්‍රහාරයෙන් කීප දෙනකු මිය යන්නට හෝ තුවාල ලබන්නට ඇතැයි තහවුරු නොවූ පුවත් සඳහන් කරයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියේ ආධිපත්‍ය පිරිහුණ රටවල් වලා සතියකට වෙඩි තැබීම් දුසිම් ගානින්
කොහොමත්, කවදත් ඔය පැත්ත ඔය පැන්නේ මිනීමැරුම් වලට ලොකු ප්‍රසිද්ධියක් තිබුණා. ඔය අර මහරජතුමාගේ ගම් පළාතනේ...!
ඩිපෙන්ඩර් නම් ඉතින් සාමාන්‍ය මිනිහෙකුගේ වෙන්න බැහැ... අපට තියෙන්නේ බලාගෙන ඉඳලා සිතින් ආශ්වාදයක් ලබාගැනීම පමණයි. කවුරුත් තරහා වෙන්න එපා... මොකද ඔය ඩිපෙන්ඩර් කාරයින්ට අපේ ප්‍රශ්න අදාල නැහැ. ඒක වෙනම ෆැන්ටසියක්...!
යුක්තිය කියලා දේශබන්දු නාඩගමක් නටනවා. හාල්මැස්සෝ අල්ල අල්ලා... තෝරු මෝරු ඉතුරු කරලා නැටුවට වැඩක් නෑ. කියලා ඉතින් පේනවනේ...
වඩු බාස්ගේ ඔලුවට වෙඩි තියන පොලීසිය මේ වගේ ඩිපෙන්ඩර් කාරයෝ ඉස්සරහ දෙකට නැවෙන හැටි මතක්වෙනවා. ඒකනිසා මේවාට අපි නම් අනේ අපොයි කියන්නේ නැහැ...!
ඩිෆෙන්ඩර් නම් එක්කො හොරෙක්, එක්කෝ රට ව්කුණලා කන හොරෙක්, එක්කෝ කුඩු බිස්නස් කාරයෙක්, පාතාලයෙක් තමයි... අමුතු උණක්...
යුක්තිය අධීවේගයෙන් ක්‍රියාත්මක වෙමින් ඇත! ප්‍රතිඵල වේගයෙන් ලැබෙමින් තිබෙන බව පෙනේ - - අරාජික රටක මීට වැඩි දෙයක් බලා පොරොත්තු විය හැකිද?
ඥාණසාර , රතන ඡන්දෙ ඉල්ලපු පක්ෂෙ ලොක්කගෙ වාහනේ.
හොද ප්‍රවෘත්තියක්......ඔහොම හරි ඕකුන් වද වෙලා යනවානම් රටට සෙතක් අම්මප....
කල දේ පල දේ. තම තමන් වපුරපුව තමයි නලන්නෙත්.
බලාගෙන ගියාම හැම එකාගේම කිල්ලෝටවල හුණු...!
ඔය කියනවා වගේ වරුසාවක් නෑ.. එක එක්කෙනාට ඉලක්කය අරගෙන උණ්ඩ අපතේ නොයවා ගානටම වැඩේ කරලා ගිහින්... අහිංසක මිනිස්සුන්ගේ සාක්කු වල බීඩි සුරුට්ටු කොට තියෙනවාද බලලා හිරගෙවල් වලට යවන දේශබන්ධුගේ යුක්තියට මහ දවාලේ වෙඩි තියලා යන මැර කල්ලි පේන්නේ නම් නෑ. හොඳම නම නම් ඉතින් කයිබන්ධු තමයි...!
සුභ පැතුම්
රනිල් රාජපක්ෂ දන්න එකම දේශපාලනය දූෂණ, භීෂණ හා ඝාතනයයි... ඒක 1977 සිට 1994 වෙනතුරු ක්‍රියාත්මක වුණා. දැන් නැවතත් 2022 මැයි මාසයේ ඉඳලා ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එදා උඩුගම්පළ වෙනුවට දේශබන්දුත්, රංජන් විජේරත්න වෙනුවට ටිරානුත් ඒ රනිල් රාජපක්ෂ මැර පාලනයට හවුල්වෙලා ඉන්නවා...!
අතීත එජාප පාලන සමය නැවත මතක් කරලා දෙනවා නේද? අපිට ගැලවීමක් ඇත්තේම නැද්ද?
රටේ ජනතාවට සතුටු වියහැකි ප්‍රවෘත්තියක්... මේ වගේ සංවිධානාත්මක පාතාල කල්ලිවල අයව කවුරුන් විසින් හෝ මරා දැමිය යුතුයි. මේ වගේ මධාවියන් මෙවැනි වාහන පාවිච්චි කරන්නේ කොහෙන් එන සල්ලි වලින්ද කියලා හොයාගන්න මේ රටේ බුද්ධි අංශයට බුද්ධියක් නැද්ද..? රජයෙන් වැටුප් ලබා බුද්ධි අංශය සිදුකරන සේවය මොකක්ද..?
නීතිය බල්ලට ගිය රටක්
අපරාධකරුවන් නීතියේ දැලට අහුවුනේ නැත්තං මේකත් දේශපාලන ඝාතනයක්
මේ පුවත් එදිනම පල උනේ නැහැ .ඝාතනය සිදු උනේ පාන්දර 8 පමණ .කල්තියා ඝාතනය සිදු උනා නම් පත්තරේ තිබුන සැලැස්මේ වරදක් තිබෙනවා
සමහර ඒවට දාපු අකමැති ප්‍රතිචාර බැලුවම බහුතරයක් වහලුන් බව පේනව. මේක හදන්න උත්සාහ කිරීමත් නිශ්පල වැඩක්.