IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ හොඳම සන්නාමය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. Business World international Organization (BWIO) සංවිධානය කළ සම්මාන උළෙල කොළඹ ග්රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ දී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. එහිදී කළමනාකාර අධ්‍යක්ෂ රාමසාමි සිවසංකර් මහතා සම්මානය ලබා ගත්තේය.

2017දී සුළු පරිමාණයෙන් ඇරැඹූ Super King Detergents සමාගම ක්‍රම ක්‍රමයෙන් දියුණු වූයේ ගුණාත්මකභාවයෙන් සහ නිසි ප්‍රමිතියෙන් ඉහළ නිෂ්පාදන නිරන්තරයෙන් පාරිභෝගිකයන්ට හඳුන්වා දීම නිසාය. 

ඔවුන්ගේ නිෂ්පාදන අතර ඩිෂ් වොෂ්, හෑන්ඩ් වොෂ්, කාර් වොෂ්, ටොයිලට් කොමොඩ් ක්ලීනර් ලික්විඩ්, කොම්ෆොර්ට්, ක්ලෝරස් සහ එයාර් ෆ්‍රෙෂ්නර් වැනි නිෂ්පාදන රැසක් ඇත. 

කොළඹ ජාතික රෝහල සහ මහරගම අපේක්ෂා රෝහල වැනි ආයතනවල ද ඔවුන්ගේ නිෂ්පාදන භාවිත කිරීමෙන් Super King Detergents සමාගමේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය තහවුරු කර ඇත. Supwe King නිෂ්පාදන සඳහා කාර්මික තාක්ෂණ ආයතනයේ දී සහතික ද ලැබී ඇති අතර Super King නිෂ්පාදන ඉදිරියේ දී දිවයින පුරා බෙදා හැරීමට සැලසුම් සකස් කර ඇත. මෙම ජයග්‍රහණය ලබා ගැනීමට දායකත්වය දැක් වූ පාරිභෝගිකයන්ටත්, සේවක මණ්ඩලයටත්, පවුලේ සාමාජිකයන්ටත් සිය කෘතවේදීත්වය කළමනාකාර අධ්‍යක්ෂ රාමසාමි සිවසංකර් මහතා දැක්වීය.

595



අදහස් (0)

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 104 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site