IMG-LOGO

ස්පාඤ්ඤ සමාජ ශාලාවක ගින්නක්

ගිනිකොනදිග ස්පාඤ්ඤයේ මුර්සියා නගරයේ අටලයාස් ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් 13 දෙනකු මියගිය බවත්, 14 දෙනකු අතුරුදන් බවත් ස්පාඤ්ඤ බලධාරීහු පැවැසූහ.

ගින්න හටගනිද්දී ‘ෆොන්ඩා මිලැග්‍රෝස්’ නමැති මෙම රාත්‍රී සමාජ ශාලාවේ පෞද්ගලික උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබුණි.

ගින්නට හේතුව තවමත් අනාවරණය වී නැත. ගින්න ඉතා වේගයෙන්, ‘ෆොන්ඩා මිලැග්‍රෝස්’ සමාජ ශාලාව පුරා ව්‍යාප්ත විය. එම අවස්ථාවේදී උපන් දින සාදයට පැමිණි පිරිස් කා බී විනෝද වෙමින් නටමින් සිටි බව ද පැවැසෙයි. ගින්න වේලයෙන් ශාලාව පුරා පැතිර යද්දී, එහි සිටි පිරිසට එයින් පිටවීමට නොහැකි විය. ‘ෆොන්ඩා මිලැග්‍රෝස්’ සමාජ ශාලාවේ වහලය කඩා වැටුණු බව ද පැවැසෙයි.

‘ෆොන්ඩා මිලැග්‍රෝස්’ සමාජ ශාලාවට යාබදව ඇත්තේ තවත් සමාජ ශාලා තුනකි. ගින්න ඒවාට ද පැතිර ගිය අතර ගින්නෙන් එම සමාජ ශාලාවලට හානි සිදුවිය.

මුර්සියා නගරයේ නගරාධිපති හෝසේ බැලෙස්ටා මාධ්‍ය හමුවක් පවත්වමින්, ගින්නෙන් ජීවිත අහිමි වීම සම්බන්ධයෙන් කනගාටුව පළ කළේය. ගින්න හටගෙන ඇත්තේ මහල් කීපයකින් සමන්විත ‘ෆොන්ඩා මිලැග්‍රෝස්’ සමාජ ශාලාවේ පළමු මහලේය.

ගින්න හට ගනිද්දී උපන්දින සාදයට සහභාගී වී, ගින්නට කොටුවුණු 28 හැවිරිදි තරුණියක සිය මවට දුන් අවසන් ඇමතුම ස්පාඤ්ඤ මාධ්‍ය ප්‍රසිද්ධියට පත් කර තිබේ. ‘අම්මා. මම ඔයාට ආදරෙයි. අපිව ගින්නට කොටුවුණා. අපිට මැරෙන්න වේවි’ යනුවෙන් එම 28 හැවිරිදි තරුණිය අවසන් වරට ඇගේ මවට දුන් එම ඇමතුමේ අඩංගු වෙයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ස්පාඤ්ඤ සමාජ ශාලාවක ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 409 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 984 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1367 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site