(රංජිත් රාජපක්ෂ)

ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තව දුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් අද (03) දින අලුයම ස්වයක්‍රීයව විවෘත වී ඇති බව එම ජලාශභෘර ඉංජිනේරුවරුන් පැවසිය.

තවදුරටත් අධික වැසි පතිත වුවහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වන බැවින් ජලාශ වේල්ලට පහලින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙස ආපදා කලමණාකරණ ඒකකය ඉල්ලා සිටියි.

ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග සෙන් ක්ලෙයාර් සහ ඩෙවෝන් දිය ඇලි වල ජල ධාරිතාවද ඉහල ගොස් ඇත.