(නිමල කොඩිතුවක්කු)

වසරේ මේ දක්වා කාලය තුළ වාර්ථා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 86000 ඉක්මවා ඇතැයි  ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඒ අනුව ඩෙංගු රෝගීන් 86,386 ක් මේ වනවිට වාර්තා වී ඇති බවත්  එහි වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසීය.

අගොස්තු මාසයේ මුල් දින දෙක තුන පමණක් ඩෙංගු රෝගීන් 1034 ක් වාර්ථා වී ඇති බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.

ජූලි මාසයට පමණක් හඳුනාගෙන ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 29,978කි.