(යොහාන් භාසුර)

සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් පසුගිය දින දෙක තුළ භූමිතෙල් ලීටර ලක්‍ෂ 10 ක් පමණ නිකුත් කළ බවත් එම භූමිතෙල් රටපුරා බෙදාහරිමින් ඇති බවත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ උසස් නිලධාරියකු පැවසීය.

භූමිතෙල් නිෂ්පාදනය තව දුරටත් ක්‍රියාත්මක වන බව කී එම නිලධාරියා ඉදිරි දින කීපයේදී භූමිතෙල් සඳහා පවතින තදබදය අඩුවනු ඇති බව ද සඟන් කළේය.