(යොහාන් භාසුර)
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පෙට්‍රල් නිපදවන ඒකකයේ උත්ප්‍රේරකවල සක්‍රීයතාව නැවත පිහිටුවා යථා තත්වයට පත්කිරීමේ නඩත්තු කටයුත්තක් සඳහා එහි නිෂ්පාදනය මේ මස 18 වැනිදා සිට ඔක්තෝබර් මස 8 වැනිදා දක්වා අත්හිටුවන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා අද (1) පැවසීය.
එම කාලය තුළ හිඟයකින් තොරව ඉන්ධන සැපයුම පවත්වාගනෙ යෑමට අවශ්‍ය ඉන්ධන තොග සහ ඉන්ධන ඇනවුම් මේ වන විටත් සම්පූර්ණ කර ඇති බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
Cinopec එනකොට මේ වාගේ තව ගොඩක් නඩත්තු තියෙයි කියා මට හිතුණා (JSP Leader). දැන් ලංකාවේ ඉන්ධන මිළ තීරණය වන්නේ Cinopec මත. ඊයේ මිල වැඩි කළේ ඔය නඩත්තුවෙන් කාට ලාබ ලබන්නද?