
(අංජුල මහික වීරරත්න)
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් වෙන්ව සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව රාජ්‍ය ව්‍යවසායක් ලෙස ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාවේ එකම ඉන්ධන පිරිපහදුව වන සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව 1969 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා වන දේශීය ඉල්ලුමින් සියයට 25ක් පමණ එම පිරිපහදුව විසින් සපයනු ලබන බව රජය කියයි.
අදාල පිරිපහදුව යාවත්කාලීන කර තවත් වසර 25ක් පමණ කාලයක් භාවිත කිරීම පිණිස තීරණාත්මක ආයෝජනයක් සිදු කිරීමේ අවශ්‍යතාවය හඳුනාගනු ලැබ ඇති අතර ඒ සඳහා අවස්ථා ආයෝජනයන් දේශීය සහ විදේශීය පුද්ගලික අංශය මගින් සපයා ගැනීමට හැකිවන පරිදි සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව වෙනම රාජ්‍යවසායක් ලෙස ස්ථාපිත කිරීම යෝග්‍ය බව පෙනී ගොස් ඇත.
විදුලි බල හා බලශක්තිය අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ තියෙන සම්පත් සියල්ල විකුණාගෙන කාපල්ලා. ඉන්ධන පිරිපහදු කරපුවා ගෙන්වනවාට වඩා බොරතෙල් ගෙන්වලා පිරිපහදු කරන්න බැරිද. ඒ්කෙන් නිෂ්පාදන බොහොමයක් ගන්න පුළුවන්. හෙරාකන්න බැරි නිසා වෙන්න ඇති පිරිපහදු කරපුවා ගෙන්වන්නේ.
කෑමෙන් හොඳ කෑම... විකුණගෙන කෑම..
පිරිපහදුව ජනාකීර්ණ ප්‍රදේශයෙන් ඉවත්ව යා යුතුයි. වෙන රටවල පිරිපහදු ජනශුන්‍ය ප්‍රදේශවල පිහිටු වන්නේ. 1969 කාලේ සපුගස්කන්ද කැලෑ ප්‍රදේශයක්. දැන් තදාසන්න නාගරික ප්‍රදේශයක්...!
බැරි කාලේට අපිවත් කීයකට හරි විකුණලා බලයේ ඉදපල්ලා