
(රෝෂන් තුෂාර)
2018 වසරේ සිට 2024 වසර දක්වා රේගුවට හොර රහසේ ආනයනය කර රුපියල් කෝටි 25ක බදු ආදායමක් රටට අහිමි කළ රුපියල් කෝටි හතලිහකට අධික වටිනාකමින් යුත් වාහන හතක් අත්අඩංගුවට ගෙන රාජසන්තක කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අල්ලස් කොමිසමට අද නියෝග කළේය .
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝග නිකුත් කළේය.
මෙලෙස හොර රහසේ ආනයනය කළ වාහන රැසක් මීට පෙර අධිකරණ නියෝග මත අත්අඩංගුවට ගත් බව පෙන්වා දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අත්අඩංගුවට ගෙන රාජසන්තක කිරීමෙන් නොනැවති අදාළ ජාවාරමට සම්බන්ධ සැකකරුවන් වහා අත්අඩංගුවට ගත යුතු බවට දන්වා සිටියේය.
2018 වසරෙන් පසුව ආනයනය කරන වාහන සදහා ඉංග්‍රීසි අකුරු තුනක් සහිත ලියාපදිංචි අංකයක් හිමි විය යුතු වුවද , පරිගණක පද්ධතියේ දත්ත මකා තීරෝද රථ මෝටර් සයිකල් ඇතුළු අඩු වටිනාකමින් යුත් වාහන අංක සඳහා මෙම සුඛෝපභෝගී වාහන ලියාපදිංචි කර ඇති බවට අධිකරණයේදී කරුණු අනාවරණය විය.
බදුල්ල, වාරියපොළ, බලන්ගොඩ, වත්තල, ඇතුළු ප්‍රදේශයන්හි විවිධ පුද්ගලයින් හත් දෙනෙකුගේ නමට ලියාපදිංචි කර ඇති gx 68 89.ජි එච් 5544,එච් ඒ 2426,ජි වයි 4675,ජි එස්9630,ජි ඉසෙඩ්8999,හා ජි යූ 9748 තරණ සුඛෝපභෝගී වාහන මෙසේ අත්අඩංගුවට ගෙන වහා අධිකරණයට ඉදිරිපත් කර රේගුවට බාර දෙන ලෙසට නියෝග කළේය.
මෙලෙස හොර රහසේ ආනයනය කර ලියාපදිංචි කළ වාහන දෙසීයකට අධික ප්‍රමාණයක් මේ වන විට අනාවරණය කරගෙන ඇති බවත්,2015 වසරෙන් පසුව 2024වසර දක්වා තවත් විශාල ප්‍රමාණයක් මෙලෙස ගෙන්වා ඇති බවට තොරතුරු අනාවරණය වන බවත් කොමිසම කරුණු දක්වමින් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර මෙතන පෝස්ට් දාන ,බංගලාදේශයේ ඒවත් ජවිපෙට පටවන අය මේක කලෙත් ජවිපෙ අය බව නොකීවොත් පුදුමයි.
එතකොට රේගුවේ ඉන්නේ කිරි සප්පයින්ද? වහාම එයාලාට ඉස්සරවෙලා දඩගහලා රැකියාවෙන් නෙරපිය යුතුයි. ඊට පස්සේ හොරුන්ට දඬුවම් දිය යුතුයි. ලැජ්ජයි මේ රටේ නිලධාරීන් ගැන.
රේගු නිලධාරීන්ට කතා කරන්න... හොර හැත්ත... ඒ අයගේ නම් ප්‍රසිද්ධ කරන්න...
මෙම රේගු වංචාවලට හසුවන පුද්ගලයින්ට රාජ්‍ය නිලදාරීන්ට නැවත එවැනි වැරදිවලට කිසි සේත්ම යොමු නොවීමට නොපෙළඹවීම උදෙසා දැඩි දඩුවම් ගෙන ආයුතු අතර දේශපාලකයන් වයංගයෙන් හෝ අනුග්‍රහය දක්වා ඇත් නම් අර සිංගප්පූරුවෙ වගේ එවුනුත් හිරේ ගාල් කල හැකි නව නීති සම්මත කලයුතුයි .අපට විශ්වාසයි මාලිමාව රජයක් එවැනි නීති ගෙන එයි කියලා.
එතකොට 88/89 කල විනාශය
රාජසන්තක කරන වාහන මීලග රජයේ ඇමතිවරුන්ට ලබා දිය යුතුය . කෝටි ගණන් වල පර්මිට් අවශ්‍ය නැත