
(රෝෂන් තුෂාර)
2018 වසරේ සිට 2024 වසර දක්වා රේගුවට හොර රහසේ ආනයනය කර රුපියල් කෝටි 25ක බදු ආදායමක් රටට අහිමි කළ රුපියල් කෝටි හතලිහකට අධික වටිනාකමින් යුත් වාහන හතක් අත්අඩංගුවට ගෙන රාජසන්තක කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අල්ලස් කොමිසමට අද නියෝග කළේය .
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝග නිකුත් කළේය.
මෙලෙස හොර රහසේ ආනයනය කළ වාහන රැසක් මීට පෙර අධිකරණ නියෝග මත අත්අඩංගුවට ගත් බව පෙන්වා දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අත්අඩංගුවට ගෙන රාජසන්තක කිරීමෙන් නොනැවති අදාළ ජාවාරමට සම්බන්ධ සැකකරුවන් වහා අත්අඩංගුවට ගත යුතු බවට දන්වා සිටියේය.
2018 වසරෙන් පසුව ආනයනය කරන වාහන සදහා ඉංග්‍රීසි අකුරු තුනක් සහිත ලියාපදිංචි අංකයක් හිමි විය යුතු වුවද , පරිගණක පද්ධතියේ දත්ත මකා තීරෝද රථ මෝටර් සයිකල් ඇතුළු අඩු වටිනාකමින් යුත් වාහන අංක සඳහා මෙම සුඛෝපභෝගී වාහන ලියාපදිංචි කර ඇති බවට අධිකරණයේදී කරුණු අනාවරණය විය.
බදුල්ල, වාරියපොළ, බලන්ගොඩ, වත්තල, ඇතුළු ප්‍රදේශයන්හි විවිධ පුද්ගලයින් හත් දෙනෙකුගේ නමට ලියාපදිංචි කර ඇති gx 68 89.ජි එච් 5544,එච් ඒ 2426,ජි වයි 4675,ජි එස්9630,ජි ඉසෙඩ්8999,හා ජි යූ 9748 තරණ සුඛෝපභෝගී වාහන මෙසේ අත්අඩංගුවට ගෙන වහා අධිකරණයට ඉදිරිපත් කර රේගුවට බාර දෙන ලෙසට නියෝග කළේය.
මෙලෙස හොර රහසේ ආනයනය කර ලියාපදිංචි කළ වාහන දෙසීයකට අධික ප්‍රමාණයක් මේ වන විට අනාවරණය කරගෙන ඇති බවත්,2015 වසරෙන් පසුව 2024වසර දක්වා තවත් විශාල ප්‍රමාණයක් මෙලෙස ගෙන්වා ඇති බවට තොරතුරු අනාවරණය වන බවත් කොමිසම කරුණු දක්වමින් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සැප වාහන 7ක් රාජසන්තක කරන්න නියෝග
සෙනෙවිරත්න Tuesday, 06 August 2024 05:46 PM
අර මෙතන පෝස්ට් දාන ,බංගලාදේශයේ ඒවත් ජවිපෙට පටවන අය මේක කලෙත් ජවිපෙ අය බව නොකීවොත් පුදුමයි.
Hemantha Tuesday, 06 August 2024 06:49 PM
එතකොට රේගුවේ ඉන්නේ කිරි සප්පයින්ද? වහාම එයාලාට ඉස්සරවෙලා දඩගහලා රැකියාවෙන් නෙරපිය යුතුයි. ඊට පස්සේ හොරුන්ට දඬුවම් දිය යුතුයි. ලැජ්ජයි මේ රටේ නිලධාරීන් ගැන.
LANKA LOVER Tuesday, 06 August 2024 07:28 PM
රේගු නිලධාරීන්ට කතා කරන්න... හොර හැත්ත... ඒ අයගේ නම් ප්‍රසිද්ධ කරන්න...
CC Wednesday, 07 August 2024 09:26 AM
මෙම රේගු වංචාවලට හසුවන පුද්ගලයින්ට රාජ්‍ය නිලදාරීන්ට නැවත එවැනි වැරදිවලට කිසි සේත්ම යොමු නොවීමට නොපෙළඹවීම උදෙසා දැඩි දඩුවම් ගෙන ආයුතු අතර දේශපාලකයන් වයංගයෙන් හෝ අනුග්‍රහය දක්වා ඇත් නම් අර සිංගප්පූරුවෙ වගේ එවුනුත් හිරේ ගාල් කල හැකි නව නීති සම්මත කලයුතුයි .අපට විශ්වාසයි මාලිමාව රජයක් එවැනි නීති ගෙන එයි කියලා.
Amin Wednesday, 07 August 2024 12:57 PM
එතකොට 88/89 කල විනාශය
Kamal Koyrala Wednesday, 07 August 2024 01:37 PM
රාජසන්තක කරන වාහන මීලග රජයේ ඇමතිවරුන්ට ලබා දිය යුතුය . කෝටි ගණන් වල පර්මිට් අවශ්‍ය නැත