(විමුක්ති එස් රුද්‍රිගු)
ලොව මිල අධිකම දේපල වෙළඳපොළ තිබෙන හොංකොං නගරයේ ජීවත් වන පුද්ගලයකුට වඩා මිය ගිය තැනැත්තකුට නිවහනක් සොයා ගැනීම මිල අධික කටයුත්තක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
හොංකොං නගරයේ පවුලේ සාමාජිකයන් අට දෙනකුගේ භෂ්මාවශේෂ තැන්පත් කළ හැකි ඉඩ ප්‍රමාණයක් ඇමෙරිකානු ඩොලර් 430000 ක් (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 130 ක් ) පමණ වන බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.
හොංකොං නගරයේ මියගිය තැනැත්තෙකුගේ භෂ්මාවශේෂ තැන්පත් කිරීම සඳහා සපත්තු පෙට්ටියක ප්‍රමාණයක ඉඩක් මිලදී ගැනීමට මියගිය තැනැත්තාගේ පවුලේ සාමාජිකයන්ට ඇමෙරිකානු ඩොලර් 53000 ක මුදලක් (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් එක් කෝටි හැට ලක්ෂයක් පමණ)වැය කිරීමට සිදුවන බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.එසේම දෙදෙනෙකුගේ භෂ්මාවශේෂ තැන්පත් කළ හැකි ඉඩ ප්‍රමාණයක් ඇමෙරිකානු ඩොලර් 76000 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් දෙකෝටි තිස් ලක්ෂයක් පමණ)ක් පමණ වන බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැරුණාම මොන භෂ්මද? මෝඩ යක්කු ... මේ අයත් ටිකක් ලංකාවේ බූරුවන් වගේ, සල්ලි තිබුණට...