(චමිලා අල්විස් සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හොරණ බටගොඩ ප්‍රදේශයේ පිහිටි “සෙනෙහසේ නවාතැන” වැඩිහිටි නිවාසයේ ඇති වූ ගින්නෙන් පුද්ගලයන් 12 දෙනකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි හිමිකරු ජුනි 11 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන්නැයි හොරණ මහේස්ත්‍රාත් ලක්මිනී විදානගමගේ මහත්මිය අද නියෝග කළාය.

මෙසේ රිමාන්ඩ් බාරයට පත් කළේ කුලසූරිය මුදලිගේ ඉසුරු අනුෂ්ක පෙරේරා නමැත්තෙකි.

සිද්ධියට අදාළව අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අඟුරුවාතොට පොලිසියේ ස්ථානාධිපති අසංක රාජකරුණා මහතා පැවසුවේ, ආයතනය දැඩි නොසැලකිලිමත් ආකාරයෙන් පවත්වාගෙන ගොස් ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවය.